කොරෝනා රෝගීන් දිවයිනේ සෑම තැනින්ම වාර්තා වීමත් සමග දැනට රෝහල්වල කොරෝනා රෝගීන් සඳහා ඉතිරිව ඇත්තේ ඇඳන් 251ක් පමණක් බව අනාවරණය වේ.
මේ වනවිට කොරෝනා රෝගීන් සදහා වෙන් කළ රෝහල්වල ඇඳන් 1691ක් ඇති නමුත් මේ වනවිට රෝගීන් 1440ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා බව දැනගන්නට ඇත.
අයි.ඩී.එච්. රෝහල, වැලිකන්ද රෝහල, කඹුරුගමුව රෝහල, තෙල්දෙණිය රෝහල, කන්දකාඩු රෝහල මේ වනවිට රෝගීන් ප්‍රමාණය ඉක්මවා යාම නිසා අතිරේක ඇඳන් ප්‍රමාණයක් සපයා ඇති බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් සෞඛ්‍ය අංශ මේ වනවිට තවත් රෝහල් 147ක් කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කළ හැකි රෝහල් ලෙස හදුනාගෙන ඇති අතර ඒවායේ රෝගීන් 3000ක් ඇතුළත් කළ හැකි බවද වාර්තා වේ.










