විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ද නිවේදනයක් නිකුත් කොට ඇත.
එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ 20 වන සංශෝධනයෙහි අහිතකර වගන්ති ගණනාවක් පවතින බවකි.
ඊට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන බව කීවද ඒවා ජනතාවට දැකගැනීමට නොහැකි බැවින් වහාම එම සංශෝධන රටට ඉදිරිපත් කරන ලෙසද එම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.













