අද දින කන්තලේ ගොවීහු පොහොර ඉල්ලා නගරයට පැමිණ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කළහ.
මෙතෙක් පැවැති ගොවි විරෝධතාවලින් වැඩිම ගොවි සහභාගීත්වයක් තිබුණු විරෝධතාවය ලෙස මෙය හදුනාගත හැක.
මෙහිදී ගොවීන් ඉල්ලා සිටියේ අමෙරිකාවේ ගොස් මහාමණ්ඩලවල ඇමතීමට පෙර තම රටේ පොළොවට බැස පවතින තත්ත්වය වටහා ගන්නා ලෙසය.
එමෙන්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනුරුවකට ගිනි තැබීමටද ගොවියෝ පියවර ගත්හ.