ප්‍රධානතම මැතිවරණක් සදහා සූදානම් වන මොහොතේ රජය රාජ්‍ය සම්පත් හා රාජ්‍ය බලය ඉතා බරපතල අයුරින් දේශපාලන ව්‍යාපෘතීන් සඳහා භාවිත කරමින් පළාත් පාලන ආයතන සඳහා ආණ්ඩුකාරවරුන්ගේ නියෝජිතයන් ලෙස හිටපු පළාත් පාලන නියෝජිතයන් පත් කරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News
මේ බව තහවුරු වන්නේ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් තනතුරු කිහිපයක් ලබා දෙමින් හිටපු සභාපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ලිපි යොමු කිරීමත් සමගය.
පහත දැක්වෙන්නේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් ඒ ආකාරයට යවන ලද පත්වීම් ලිපි දෙකක් සහ එසේ පත්වීම් ලබා දෙන ආකාරයය.
කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා ලබා දී ඇති හිටපු මන්ත්‍රීවරුන්ට මේ ආකාරයට පත්වීම් ලබා දීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව නීති ක්ෂේත්රයේ මතය වී තිබේ.
ඒ අනුව ලබන සදුදා දිනයේදී මේ ආකාරයට පත්වීම් ලබා දීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ නියෝජිතයන් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.