දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් සිරිධරන්ගේ යාපනය, හින්දු විද්‍යාලය ඉදිරිපිට පිහිටි නිවසට අද දහවල් යතුරුපැදි 04 කින් පැමිණි පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරයට 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇති බව පොලිසිය අනාවරණය කළේය.
යතුරුපැදිකරුවන්ගේ ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාගේ පුත්‍රයා තුවාල ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.










