• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බජට් සහ මැජික්! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

August 15, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
බජට් සහ මැජික්! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

2017 මැයි රැලිය ගාලු මුවදොර ක්‍රීඩාංගණයේ පවත්වන්න තනි තීන්දුවක් ගත්තේ බැසිල් රාජපක්ෂය. බැසිල් ඒ වෙලාවේ ගත් මේ තීන්දුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයන් බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේම විරෝධය පළ කළහ.

“බැසිල්ට පිස්සු. අපි කොහොමද විපක්ෂයේ ඉඳන් ගෝල්ෆේස් පිට්ටනිය පුරවන්න? මෙච්චර කල් ආණ්ඩුවෙ හිටපු අයටවත් ගෝල්ෆේස් පිට්ටනිය පුරවගන්න බැරි වුණා. ඉතිං අපි කොහොමද ඒක කරන්නෙ….”

“දැන් ‘මහින්ද සුළඟ’ තියෙන්නෙ පීක් එකේ. නිකං හරි අපිට ගෝල්ෆේස් එකට සෙනඟ පුරවගන්න බැරි වුණොත් මෙච්චර කල් අපි රට වටේම අරන් ගිය මහින්ද සුළඟ රැල්ල සම්පූර්ණයෙන්ම බිඳවැටෙනවා. එහෙම වුණොත් ඒක උස්සගන්න අපිට කීයටවත් ඉඩ ලැබෙන්නෙ නෑ….”

ඒකාබද්ධ විපක්ෂයේ සමහර පක්ෂ නායකයන් එදා කිව්වේ එහෙම කතාය.

හැබැයි බැසිල් මේ කතාවලින් වැටුණේ නැත. මැයි රැලිය පවත්වන්න ගාලු මුවදොර පිටිය ලබාදෙන්න කියා බැසිල් මුලින්ම 2017 ජනවාරියේදී ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. යහපාලන ආණ්ඩුව ගෝල්ෆේස් පිටිය දෙන්න බෑ කීය. ආණ්ඩුව හිතුවේ නිකමට හරි ඒකාබද්ධ විපක්ෂය ගෝල්ෆේස් පිටිය පුරවා පෙන්නුවෝතින් ආණ්ඩුවෙ වැටිල්ල එතැනින් පටන්ගන්නවා යැයි කියාය.

ඊට පස්සෙ බැසිල් මාර්තු මාසයේ යළිත් ගෝල්ෆේස් පිටිය මැයි රැලියට ලබාදෙන්න කියා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. ඒ වන විට ආණ්ඩුවටද ගෝල්ෆේස් පිටියේ මැයි රැලිය තැබීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ බරපතළ මත ගැටුමක් ඇති බවට තොරතුරු වාර්තා වී තිබිණි. අනෙක් අතට ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට තියෙන බයට ගෝල්ෆේස් පිට්ටනිය ලබාදුන්නේ නැතැයි කියමින් බැසිල් වෙනම දේශපාලන කැම්පේන් එකක් පටන්ගනු ඇති බවට ආණ්ඩුවට බියක්ද තිබිණ. ඒ නිසා ආණ්ඩුව කළේ දෙවැනි වතාවට බැසිල් කළ ඉල්ලීමට පැනපු ගමන් ඉඩ ලබාදීමය. ඒ වෙලාවේ යහපාලන ආණ්ඩුවේ හිටපු වරාය ඇමැතිවරයා කීවේ ගෝල්ෆේස් පිටිය දේශපාලන රැස්වීමකට ලබාදෙනවා නම් ඊට පෝට් සිටිය ඉදිකරන චීන සමාගමෙන් අවසර ලබාගත යුතු බවත්, ඊට යහපාලන ආණ්ඩුව මැදිහත්ව අවසර ගැනීමට කටයුතු කරන බවත්ය.

ඒ අනුව යහපාලන ආණ්ඩුව මැදිහත්ව විපක්ෂයේ මැයි රැලියට ගෝල්ෆේස් පිටිය ලබාදීමට තීන්දු කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයද ඒ වෙද්දී සිටියේ මවිතයට පත්වය. මොකද ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂය අමාරුවේ දැමීමට උගුලක් අටවා ඇති බව ඔවුන්ට වැටහිණි. ඒ අනුව පක්ෂ නායකයන් ඒ වෙලාවේ බැසිල්ට චෝදනා කළේ ආණ්ඩුවේ උගුලට ඒකාබද්ධ විපක්ෂය හසුකිරීමට බැසිල් කටයුතු කර ඇතැයි කියාය. එම නිසා මැයි දිනයේදී ගෝල්ෆේස් පිටිය පිරවීමේ වගකීම බැසිල්ගේ පිට තබාම මේ ඇතැම් පක්ෂ නායකයෝ එදා අත පිසදා ගත්හ.

එහෙම වුණා කියා බැසිල් වැඩේ අතහැරියේ නැත.

“වැඩේ හරිද? ගෝල්ෆේස් එක පිරෙන්න සෙනග එනවද?”

මැයි පළමුවැනිදා උදෑසන සිටම බැසිල්ගේ දුරකතනයට ආ ඇමතුම්වලින් ඇසුවේ ඒ ප්‍රශ්නයය.

“හවස් වෙද්දි බලන්නකො ඔබතුමාල මොකද වෙන්නෙ කියලා.”

එසේ අහපු හැමෝටම බැසිල් දුන්නේ ඒ උත්තරයය.

කිව්වා වාගේම හවස් වෙද්දී ගෝල්ෆේස් පිටිය මේ කොනේ සිට එහා කොන දක්වා තිබුණේ එකම හිස් ගොඩක් බවට පත්වෙමින්ය. ආණ්ඩුවටවත් හිතාගන්න බැරි මහා ජන ගංගාවක් එදා බැසිල් ගෝල්ෆේස් පිටියට කැඳවාගෙන ඒමට පියවර ගෙන තිබිණි.

මෙහිදී බැසිල් ජනතාව පිටිය තුළ ඒකරාශි කරගැනීම සඳහා විශේෂ උපක්‍රම කිහිපයක්ම ගෙන තිබිණි. ඕනෑම මැයි රැලියකදී පෙලපාළියේ පැමිණෙන පාක්ෂිකයන් සිය පක්ෂ නායකයා දැකබලාගෙන පිටියේ මඳක් රැඳී සිට නැවත පිටව යෑම සාමාන්‍ය සම්ප්‍රදායය. හැබැයි බැසිල් මෙතැනදී ඒ සම්ප්‍රදාය මදක් වෙනස් කොට ගෝල්ෆේස් පිටියට ඇතුළුවන ජනතාවට යළි පිටව යා නොහැකි පරිදි ඔවුන් එක තැනකට ගොනු කරගැනීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව සවස් වන විට මුළු ගෝල්ෆේස් පිටියම අතුරු සිතුරු නැතිව පාක්ෂිකයන්ගෙන් පුරවාලීමට බැසිල් සමත් විය.

ඒකාබද්ධය විපක්ෂයේ පක්ෂ නායකයන්ට පමණක් නොව ආණ්ඩුවටද සවස 3, 4 වන විට තරු විසිවුණේ එහි සජීවී දර්ශන දුටු විටදීය. ලංකාවේ මාධ්‍ය පමණක් නොව, ජාත්‍යන්තර මාධ්‍ය පවා මෙම දර්ශන පළ කරමින් පෙන්වා දී තිබුණේ රාජපක්ෂවරු බලයට ඒම කිසිසේත්ම වැළැක්විය නොහැකි යැයි කියාය. එය බැසිල්ගේ මැජික් එකක් බවද එම මාධ්‍ය වාර්තා කොට තිබිණි.

බැසිල් කියන්නේ එහෙම මැජික්කාරයෙක්ය. හැබැයි බැසිල් හැම වෙලාවේම මැජික් පෙන්වන්න යන්නේ නැත. මැජික් පෙන්විය යුතු වෙලාව බැසිල් හොඳහැටි දනී.

“බැසිල්ට මොළ හතක් තියෙනවා. බැසිල් ආපු ගමන් තෙල් මිල අඩු කරනවා. එතකොට විපක්ෂයට බැසිල්ගෙ මැජික් බලාගන්න පුළුවන්.”

බැසිල් මුදල් ඇමැතිකම භාරගන්නකොට ආණ්ඩුවේ මැති ඇමැතිවරුත්, පසුපෙළ මන්ත්‍රීවරුත් කීවේ එහෙම කතාවකි. දැන් බැසිල් මුදල් ඇමැති ධුරය භාරගෙන මාසයකට ආසන්නය. හැබැයි තවම තෙල් මිල අඩු වූයේ නැත. බැසිල් මැජික් පෙන්නුවේද නැත.

“කෝ බැසිල්ට තියෙනවා කියපු මොළ හත? කෝ දැන් බැසිල්ගෙ මැජික් පොල්ල වැඩ කරන්නෙ නැද්ද?”

විපක්ෂය මේ දිනවල තැන් තැන්වල හිනාවෙවී කියන්නේ එහෙම කතාය.

හැබැයි බැසිල් මේවාට උත්තර දෙන්න ගියේ නැත. ඒකෙන් පේන්නේ බැසිල් ගෝල්ෆේස් පිටියට සෙනග පුරවලා හරි වෙලාවට මැජික් එක පෙන්නුවා වගේ දැනුත් මැජික් එක පෙන්නන්න කල් මරමින් ඉන්නවා කියන එකය. සමහර විට මුදල් ඇමැති විදියට බැසිල් ලබන අයවැයේදී මේ මැජික් එක පෙන්වන්න සැලසුම් අඳිනවා විය යුතුය. ඒ නිසා බැසිල්ගේ ඊළඟ මැජික් එක බලාගන්න බජට් එක එනකල් ඉවසා සිටිය යුතුය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

කාබනික පොහොර හැදිල්ල අලි බොරුවක්! ඇමැති ශෂින්ද්‍ර සිටි රැස්වීමේදී ආණ්ඩුවේම මන්ත්‍රී පෙන්වා දෙයි! (VIDEO)

Next Post

කෝටිපති ධම්මිකගෙන් කෝටියක් වටින වැඩක්! දරුවන් ලක්ෂ දෙකකට පුදුම හිතෙන තෑග්ගක්…

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.