ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන්ද සටන හෙටට (20) යෙදී ඇති ජනාධිපතිවරයාගේ උපන්දිනය දාම අනුරපුර ජය ශ්‍රී මහා බෝධිය ඉදිරිපිටින් ආරම්භ කිරීමට සියලු සැලසුම් යොදා ඇත.
ඒ අනුව හෙට දිනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාත්-මහින්ද රාජපක්ෂ මහතාත් අනුරාධපුරය බල පිටත්ව යාමට සැලසුම් සකස් කර තිබේ.
මේ සදහා එම පවුලේ ඥාතීන් සහ ආණ්ඩුවේ සියලු මැතිඇමැතිවරුන් සහභාගී වීමට නියමිත බව දැනගන්නට තිබේ.
ඉන් අනතුරුව ඉරිදා දිනයේදී කුරුණෑගල ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සිය කුරුණෑගල ජන්ද සටන ආරම්භ කිරීමට නියමිතය.










