සෞඛ්‍ය සේවකයන්ට කොරෝනා එන්නත ලබා දීමට ප්‍රථම එන්නත විදගත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාට සහ විදේශ අමාත්‍යවරියකට සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට සිදුවූ පුවතක් පේරු රටේ වාර්තා වෙයි.
ඒ අනුව මෙසේ ඉල්ලා අස්වීමට සිදුව ඇත්තේ පේරු විදේශ ඇමැතිනී එලිසබෙත් ඇස්ටේට්ගේටත්, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලුවී සුවාරේස්ටත්ය.
මහජනතාව දරුණු ලෙස කොරෝනා රෝගයෙන් බැට කද්දී අමාත්‍යවරුන් මෙසේ එන්නත විදගැනීම සම්බන්ධයෙන් නැගුණු දැඩි මහජන විරෝධය හේතුකොටගෙන මෙම ඉල්ලා අස්වීම් සිදුව ඇති බව දැනගන්නට ඇත.










