පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා හා රජය සමග සාකච්ඡා කරන බව අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන් පවසයි.
එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා එලෙස සාකච්ඡා කරන බව උන්වහන්සේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
එමෙන්ම මෙම කෙටුම්පත සම්බන්ධයෙන් රජය රටට කරුණු පැහැදිලි කළ යුතු බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.










