පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තෝරන ජන්දයේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට සහාය පළ කරන බවට පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශයත් සමග මේ වනවිට එම පක්ෂය ඇතුළේ බරපතළ අර්බූදයක් හටගෙන ඇති බව දැනගන්නට ඇත.
පසුව ප්‍රසිද්ධියේම පොහොට්ටු සභාපතිවරයා වන ජී.එල්. පීරිස් මහතා අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළ කරන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේදී පොහොට්ටු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් කොළඹ කොල්ලුපිටියේ පිහිටි සුපිරි හෝටලයක සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.
එහිදී ඊට සහභාගී වූ මන්ත්‍රීවරුන් බහුතරයක් පෙන්වා දී ඇත්තේ මෙම බෙදීමත් සමග ජනාධිපතිවරයා තෝරන්නේ රහස් ජන්දයක් මාර්ගයෙන් බැවින් ජන්දය දී ගමට යාමට නොහැකි තත්ත්වයක් මතු වනු ඇති බවකි.
එම නිසා ජන්දය පැවැත්වෙන දින එම පිරිස පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.










