ඊයේ (29) බස්නාහිරින් පිටතට ගමන් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කර ඇති බවත්, ඔවුන් ලැගුම්හල් හා හෝටල්වල නවාතැන්ගැනීමට කටයුතු කර ඇති බවට පොලිසියට ආරංචි ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේය.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අදාළ පිරිස් පළාතෙන් පිටතට ගමන් කිරීම බරපතළ වරදක් බැවින් ඔවුන් සොයාගෙන අත්අඩංගුවට ගැනීමට මෙම මෙහෙයුම ක්‍රියාත්මක බව හෙතෙම පෙන්වා දෙයි.
දැනට බස්නාහිරින් පිට වී තැන් තැන්වල නවාතැන් ගත්තත් ඔවුනට නැවත බස්නාහිර පළාතට පැමිණීමට සිදුවන බැවින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම නැවත පැමිණෙන ස්ථානවල ද ඉදිරි දින කිහිපයේ ක්‍රියාත්මක බව ඒ මහතා කියයි.
ඇඳිරි නීතිය අවසන් වී මෙම පිරිස් නැවත කොළඹට පැමිණීමේදී ද හසුකර ගැනීමට අපේක්ෂා කරන බවත් නිරෝධායන නීති උල්ලංඝනය සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.











