• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් මුරපොළක් මුරකරුවෙක් CCTV කැමරා 60ක් තිබියදී රත්නපුරේ මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට හොරු පනී! ලක්ෂ ගාණක සල්ලි අරන් ගිහින්!

January 11, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පොලිස් මුරපොළක් මුරකරුවෙක් CCTV කැමරා 60ක් තිබියදී රත්නපුරේ මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට හොරු පනී! ලක්ෂ ගාණක සල්ලි අරන් ගිහින්!
Share on WhatsAppShare on Facebook

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට ඇතුළු වූ සොරුන් පිරිසක් එහි ගෝනිවල දමා තිබූ ලක්ෂ ගණනක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු සොරාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අදාළ පඬුරු ගබඩාව දේවාලයේ බස්නායක නිළමේවරයාගේ නිල නිවසේ කොටසක ඉදිකර තිබෙන අතර, එයට යකඩ ආවරණයක් ද දමා ඇත.

එසේ තිබිය දී පඬුරු ගබඩාවේ වහලය, සිවිලිම හා යකඩ දැල් ආවරණය කඩා සොරුන් ඊට ඇතුළු වී ඇතැයි අනාවරණය වී තිබේ.

එම සොරකම සිදුව ඇත්තේ පොලිස් මුරපොළක් හා පැය 24 පුරා ක්‍රියාත්මක CCTV කැමරා 60ක් සවිකර තිබූ පසුබිමක වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් අප කළ විමසීමක දී බස්නායක නිළමේවරයා සඳහන් කර සිටියේ, පඬුරු කුටියට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරියෙක් ලබාදෙන ලෙස තමා කිහිපවතාවක් රත්නපුර පොලීසියට ලිඛිත ඉල්ලීම් සිදුකළ බවය.

සබරගමුව මහ සමන් දේවාලයට අයත් ප්‍රධාන පඬුරු පෙට්ටි 5ක් ඇති අතර, එම පෙට්ටි පිරී ගිය පසුව ගෙන ගොස් අදාළ පඬුරු ගබඩාවේ තැන්පත් කරනු ලබයි.

පසුව එම පඬුරු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හා බස්නායක නිළමේවරයාගේ අධීක්ෂණය යටතේ නෝට්ටු හා කාසි ලෙස වෙන්කර තබා බැංකුවට රැගෙන යනු ලබයි.

බැංකුවට රැගෙන යනු ලබන්නේ හා මුදල් ගණනය කිරීම සිදුකරනු ලබන්නේ අදාළ රාජ්‍ය බැංකුවෙන් වන අතර බැංකු නිලධාරීන් පැමිණෙන තුරු මෙවර දින තුනකට ආසන්න කාලයක් පඬුරු ගබඩාව තුළ පඬුරු ගෝනි තැන්පත් කර තිබුණු අවස්ථාවේ දී මෙම සොරකම සිදුව ඇත.

සොරුන් විසින් නෝට්ටු සහිත ගෝනි පමණක් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ මිගාර ජයසුන්දර බණ්ඩාර මේ සම්බන්ධයෙන් කියා සිටියේ, මීට පෙර පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 4 වන දින හා 10 වන දින දෙකේදී මෙම මුදල් ගබඩාවට ඇතුළුවීමට හොරු උත්සාහ කර තිබූ බවය.

බස්නායක නිළමේවරයාගේ නිල නිවස ඉදිරිපිට පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන පොලිස් මුරපොළක්ද, දේවාලයේ ආරක්ෂාවට මුරකරුවෝ ද, සීසීටිවී කැමරා 60ක් ද සවිකර ඇති පසුබිමක මෙම සොරකම සිදුව ඇත.

කෙසේවෙතත් අදාළ සොරකමෙන් අනතුරුව පොලිස් මුරපොළේ රාජකාරි කරමින් සිටි නිලධාරීන් වෙනත් පොලිස් ස්ථානයක් වෙත මාරු කර යවා ඇතැයි ද වාර්තා වේ.

මෙම සොරකම සම්බන්ධයෙන් අදහස් දැක්වු ගම්වාසීන්,

“මේවා පාලකයින්ගේ වැරදි. දැන් මාස 6ක් 7ක් වෙනවා කැමරා පද්ධතිය සවිකළා කැමරා 60ක්. ඒවා නඩත්තු කරලත් නෑ. පේන්නෙත් නෑලු. මේ හොරකම වුණ එක ගැන අපිට අදහා ගන්න බෑ. බලධාරීන් මේවා බලන්න ඕනේ. පොලීසිය කිසිම දෙයක් නෑ. පොලිස් මුරපොළක් තියෙනවා කිසිවැඩක් නෑ. කෑවා නිදි. මේවා ගැන බලධාරීන් බලන්න. නැත්නම් සමන් දේවාලයත් කඩාගෙන අරන් යයි. දෙයියෝ අදහස මිනිස්සුන්ට නිකන් වැඳලා යන්න වෙන්නේ. හොරු අරන් ගියොත්.”

“අපි ගම්වාසීන් විදියට කියන්නේ අනිවාර්යයෙන්ම සැකකරුවන්ව අත්අඩංගුවට ගත යුතුයි. නැත්නම් තරුණයෝ විදියට අපිටත් ගමේ ජීවත්වෙන්න හැකියාවක් නෑ. දේවාලේ ඇතුළේ පුරාණ ආභරණ තියෙනවා. මේවා නැතිවෙන්න ඉඩ තියෙනවා බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම්.”

“කාලයක් තිස්සේ හොරකම් ගණනාවක් සිද්ධවුණා. නමුත් පැහැදිලි වශයෙන් කවුරුත් එකකටවත් අත්අඩංගුවට ගත්තේ නෑ. ඇත්තටම නොගත්තේ සමන් දෙයියෝ දඬුවම් දෙනකල් ද?  නැත්නම් ඇත්තටම හොයන්න බැරි නිසා ද? කියන එක අපිට විශාල සැකයක්.”

SendShareShare
Previous Post

ඡන්දෙ ගැන කතා කරන්න කොමිසම අද පක්ෂ ලේකම්වරුන්ට නිරීක්ෂකයන්ට එන්න කියයි!

Next Post

ජනපතිත් එක්ක සාකච්ඡා අසාර්ථකයි! කිසිම ප්‍රගතියක් නෑ! හෙටයි අනිද්දයි සාකච්ඡාවලට අපි එන්නෙත් නෑ! සාකච්ඡා මේසයෙන් නැගිටලා එළියට ඇවිත් දෙමළ සන්ධානය කියපු කතාව!

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.