ඇඳිරි නිතිය කඩ කරමින් මාර්ගයේ සැරි සැරූ පුද්ගලයින් පිරිසකට “ඉන්දීය ක්‍රමයට” දඬුවම් පැමිණවු රථවාහන පොලිසියේ නිලධාරින් දෙදනෙකුගේ වැඩ තහනම් කිරිමට පොලිස් මුලස්ථානය පියවර ගෙන ඇත.
ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ මරදාන ප්‍රදේශයේ මාර්ග අසල පදික වේදිකාවේ නිකරුනේ රැඳී සිටි බව පවසමින් එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි රථ වාහන පොලිසියේ සාජන්ට්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් මෙලෙස අදාළ පිරිසට දඬුවම් කර තිබුණු අතර ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට මෙසේ පියවර ගෙන තිබිණ.
පොලිස් නිලධාරීන්ගේ නියෝග මත එම පුද්ගලයින් තමන්ගේ දෑත්වලින් කන් අල්ලා ගෙන මාර්ගය අයිනේ සිට ගෙන සිටින අයුරු රූපවාහිනි වාර්තාකරුවෙක් විසින් කැමරා කොට තිබිණ.