රට තුළ පවත්නා ඇඳිරි නීතී තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීම පිළිබඳ ගැටලුවකට මුහුණ දී සිටින ගොවි ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් සහ සිංහල දෙමළ අළුත් අවුරුදු හා පාස්කු සමය තුළ පාරිභෝගික ජනතාවට එලවළු හා පලතුරු හිඟයකින් තොරව බෙදාහැරීමේ අරමුණින් විශේෂයෙන්ම නුවරඑළිය හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් රට පුරා එළවළු හා පළතුරු අස්වැන්න මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව දැනටමත් එළවලු කිලෝ දසලක්ෂයක් රජය විසින් මිලට ගෙන ඇති බව දැනගන්න ඇත.
මිලදී ගනු ලැබූ සමස්ත එළවළු ප්‍රමාණය රට පුරා පිහිටි පළාත් පාලන ආයතන වෙත බෙදා හරින ලද අතර, පළාත් පාලන ආයතන විසින් තම බල ප්‍රදේශය තුළ එම එළවළු සාධාරණ මිලකට අලෙවි කිරීමට කටයුතු යොදා ඇත.










