ගෝඨාගෝගමට ප්‍රහාර එල්ල කිරීමේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ පැහැදිලි උපදෙස් ක්‍රියාත්මක කොට නොමැති බව නීතීඥවරු අභියාචනාධිකරණයට දැනුම් දුන්හ.
ඒ, එම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැති නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.










