මැතිවරණ නීතිය සහ සාමාන්‍ය නීතිය යන දෙකම උල්ලංඝනය කරමින් පුත්තලමේ පොදුජන පෙරමුණු අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය ප්‍රචාරක කටයුතු සිදුකර ඇති බවට මේ වනවිට මැතිවරණ කොමීසම වෙත පැමිණිලි ඉදිරිපත්ව ඇත.
එහිදී සනත් නිශාන්ත මහතා හිස්වැසුම් නොපැළද යතුරුපැදිවල නැගී සිය අනුගාමිකයන් සමග මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන ආකාරය දැකගත හැකිය.











