• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පුත්තලමේ පොලිසිවලට මම දන්නෙ නැතිව ‌OICලා දාන්න බෑ!’ ‌රාජ්‍ය ඇමැතිට යකා නගී! ආණමඩුවට දාපු OIC එක දවසෙන් මාරු කරයි! අනේ රටකට ගිය කලක්!

April 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තැන කොහෙද දන්නෑ! මේ පොලිස් පාට් එකත් බලන්න! අහිංසක මිනිස්සු පව්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු  ලැබූ මීගමුව කොට්ඨාසයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ආර්. අබේනායක මහතාගේ එම පත්වීම  පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ මැදිහත්වීම මත (19) අත්හිටුවා ඇතැයි  ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව ආණමඩුව පොලිස් ස්ථානයට පොලිස් ස්ථානාධිපතිවරයකු පත් කළේ යැයි කියමින් එම රාජ්‍ය අමාත්‍යවරයා ඉහළ බලධාරීන්ට බලපෑම් කර මෙම පත්වීම අවලංගු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබුණු බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම ස්ථාන මාරුව අවලංගු කරවීමට මැදිහත් වූයේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇතැම් ක්‍රියාකාරකම් සහ සමහර ප්‍රකාශ සමාජයේ දැඩි ආන්දෝලනයකට ද කතාබහකට ද ලක්වූ බව කියති.

 පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි කිසිම පොලිස් ස්ථානයකට තමාගේ අනුදැනුමකින් තොරව පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කිරීමට ඉඩ නොතබන බවට ද මෙම රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

ආණමඩුව පොලිස් ස්ථානයට පත් කළ මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ එම පත්වීම අවලංගු කිරීම ගැන පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව ද එම ආරංචි මාර්ගවලින්  වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ  ලේකම්ගේ අනුමැතිය ඇතිව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ ද ආවරණ අනුමැතියට යටත්ව ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේනායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ආණමඩුව පොලිස් ස්ථානාධිපති ලෙස පත්කර ඇති බව විශේෂ පොලිස් පණිවිඩයක් මගින් පොලිස්පතිවරයා පෙරේදා (18) දැනුම් දී තිබිණි.

මෙම විශේෂ පොලිස් පණිවිඩය ලැබුණු දිනට පසු දින එනම් ඊයේ ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කළ ප්‍රධාන පොලිස්  පරීක්ෂක අබේනායක මහතාගේ එම පත්වීම අවලංගු කළ බව සඳහන් කරමින් පොලිස්පතිවරයාම නැවතත් විශේෂ පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. -ලංකාදීප

SendShareShare
Previous Post

චීන තානාපති කාර්යාලය බොරු කියනවද? ඇමැති කියන්නේ රිලව් වැඩේ ගැන චීන තානාපති කාර්යාලය දැනුවත් කළා කියලයි! චීන තානාපති කාර්යාලය කියන්නේ දන්නෙ නෑ කියලා! VIDEO

Next Post

මේවා විහිලු නෙමෙයි! මේවා ජෝක්ස් නෙමෙයි! මේ බන්දුගෙ ගෙදර ඇත්තටම වෙච්ච මාර දෙයක්! PHOTOS

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.