සිය පියාණන් වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ජීවිතයට වසර 50ක් පිරීමත් සමග රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ නාමල් රාජපක්ෂ මහතා අලුත් මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.
ඒ සිය පියාණන් සමග දේශපාලන කටයුතු සිදු කළ සමකාලීනයන් එක්රැස් කිරීමේ මෙහෙයුමය.
ADVERTISEMENT
ඒ අනුව පසුගිය සතියේ සිට නාමල් රාජපක්ෂ මහතා සිය පියාණන් සමග දේශපාලනය කළ ඔහුගේ හිතමිතුරන් සොයා ඔවුන්ගේ නිවෙස්වලට ගොස් දුක සැප විමසා සිටි ආකාරය දැකගන්නට ලැබිණ.
එමෙන්ම සිය පියා සමග කළ දේශපාලනයේ අතීත මතකද මෙම සාකච්ජාවලදී ඔවුන්ගෙන් දැනගැනීමට නාමල් පියවර ගෙන තිබිණ.