ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කළ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට එරෙහිව පක්ෂය ඇතුළෙන්ම විශාල කැරැල්ලක් මතුවෙමින් පවතින බව දැනගන්නට ඇත.
ඒ අනුව ඊයේ (09) දිනයේ ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ජාව පැවැත්වීමට පෙර පළමු මහලේ පැවැති මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසක් ලක්ෂ්මන් පියදාස මහතාට එරෙහිව විශාල ප්‍රහාරයක් දියත් කොට ඇත.
එහිදී සුමතිපාල මහතා ප්‍රකාශ කොට ඇත්තේ නිමල් සිරිපාලද සිල්වා වැනි ජ්‍යෙෂ්ඨයන් පක්ෂයේ සිටියදී පිටතින් පැමිණි ලක්ෂ්මන් පියදාස වැනි පුද්ගලයන් හට වැඩබලන සභාපති ධූරය ලබාදීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, ඊට එරෙහිව සියල්ලන්ම විරෝධය පළ කළ යුතු බවත්ය.
මෙහිදී එම සාකච්ජාවේ සිටි පළාත් සභා හා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් රැසක්ම සුමතිපාල මහතාෙගේ සහායට අදහස් පළ කොට ඇති බවක් දැනගන්නට ඇත.