ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ දිනවල දැඩි නිහඩ බවක සිටීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ විශාල කතාබහක් නිර්මාණය වී තිබේ.
මේ දිනවල පැති මාරු කිරීම මුල් කරගෙන දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් නිර්මාණය වී ඇති අතර රණතුංග මහතා විශාල නිහඩතාවක සිටීම මත ඔහුගේ නමද මේ පැති මාරු කිරීම් ලයිස්තුවල ඉහළින්ම කියවෙන බව පැවසේ.
කෙසේවෙතත් අර්ජුන රණතුංග මහතා මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු ප්‍රකාශයක් තවම සිදුකර නැත.