සිය නිවෙස අසල යතුරුපැදියක අටවා තිබූ බෝම්බයක් පිපිරී යාමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු මාලදිවයිනේ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් කතානායක මොහෙමඩ් නෂීඩ් මහතාගේ තත්ත්වය බරපතළ බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කොට ඇත.
මේ වනවිට ඔහුගේ හිස ඇතුළු ස්ථාන කිහිපයක ශල්‍යකර්ම රැසක් කර ඇති බව එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.
දැනට ඔහු දැඩි සත්කාර ඒකකයේ රදවා තබා ඇති බවද පැවසේ.










