කොවිඩ් සැක සේවකයකු හමුවීම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වසා දමා එහි සෙසු සේවක පිරිස් නිරෝධායනයට යොමුකර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
ආරක්ෂක පියවරක් ලෙස කතානායකවරයා එහි පැමිණීමද වළක්වා ඇත.
කොවිඩ් සැක සේවකයා හමුවීමෙන් පසුව කතානායක කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශය පූර්ණ ලෙස විෂබීජහරණය කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කොවිඩ් සැක සහිත සේවකයකු හමුවීම නිසා කතානායක කාර්යාලයේ සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමුකර ඇති බවයි.










