පරෙවියන් සම්බන්ධයෙන් මාස ගණනක් පැවති ආරවුලක් හේතුවෙන් එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයේ නිවසට ගොස් ඇතිවු ගැටුමකින් පසුව පුත්තලම කඩයාකුලම් ප්‍රදේශයේදී එක් අයෙකු මරණයට පත්ව තිදෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම මුල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචි සිටි 35 හැවිරිදි තිදරු පියෙකු බව පොලීසිය පැවසීය.
මියගොස් ඇති තැනැත්තා මෙම ගැටුමට කිසිදු ලෙසකින් සම්බන්ධයක් නොමැති අයෙකු බවත් අදාළ ගැටුම සිදුවන අවස්ථාවේදි ඔහු සිය සොහොයුරියගේ නිවසට පැමිණ සිටියදි තියුණු ආයුධයකින් එල්ල කළ පහරකින් මරණයට පත්ව ඇති බවත් පොලිසිය පවසයි.










