පසුගියදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලට අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් පවත්වාගෙන යනු ලබන වෙළෙඳුන් 105 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඒ අතරින් මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබේ.










