පාස්කු මහමොළකරුවන් වහාම හෙළි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට සිරිබෝපුර සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේදී ප්‍රශ්න කර සිටියේය.
‘මේ රජය විපක්ෂයේ ඉන්නකොට කිව්වා පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලනවා යි කියලා. මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි කෝ පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලනවා යි කියපු ක්‍රියාවලිය ? ආණ්ඩුවට පාස්කු පහාරක ත්‍රස්තයන් අල්ලන්න අමතක වෙලා. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නහම ජනාධිපතිවරණයේදී ,68 ලක්ෂයක් ඡන්දෙ දීලා තවත් විවිධ ක්‍රම උපායන් තුළින් තුනෙන් දෙක හදා ගත්තහම ,විසිවැනි සංශෝධනය දමලා තිබුණු බලයට වැඩිය තවත් බලයක් එකතු කර ගත්තහම ,ආණ්ඩුවට පාස්කු ත්‍රස්තයන් ඇල්ලුවත් එකයි නැතත් එකයි. පැහැදිලිවම මේ රජය පාස්කු ත්‍රස්තයන් ඇල්ලීමේ ව්‍යායාමය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා තිබෙනවා. ඒ දුන්නු පොරොන්දු ආණ්ඩුවට අමතකයි. අපේ දේශපාලන ව්‍යාපාරයට එල්ල කරපු ලොකුම ප්‍රහාරය මොකක්ද ? මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානීන් අපි ඇල්ලුවෙ නැහැ කිව්වා. දැන් මේ ආණ්ඩුව මොකක්ද කරලා තියෙන්නේ ? මම පැහැදිලිවම කියන්න කැමතියි මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් කවුද කියන එක හොයන්නේ නැතුව ඒ කාරණාව හංගන්න හදනවා. මට එක කාරණයයි තමුන්නාන්සේලාගෙන් අහන්න තියෙන්නෙ , පාස්කු ප්‍රහාරයෙන් කාටද වැඩිම දේශපාලන හානිය සිද්ධ වුණේ ? කාටද වැඩිම දේශපාලන වාසිය සිද්ධ වුණේ? ඒ ප්‍රශ්න වලට තමුන්නාන්සේලා ම උත්තර සපය ගන්න. පාස්කු ප්‍රහාරයෙන් කාටද වැඩි වාසිය දේශපාලනික වශයෙන් ? කාටද වැඩිම හානිය දේශපාලනික වශයෙන්? එහෙමනම් නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හංගන්න උවමනාව තිබෙන්නේ කාටද කියන එක ගැන මේ රටේ ජනතාවට උත්තර බඳින්න වෙලාව ඇවිල්ල තියෙන්නේ.
මම තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා අදටත් අපේ රටේ ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිත්‍ය වශයෙන් නැහැ. ජාතික ආරක්ෂක කවුන්සිලය කියන්නේ national security council. මේ රටේ national security council එක රටේ නීතියක් හරහා ස්ථාපනය වෙලා නෑ. ඒ නිසා තමයි හිතූ හිතූ වෙලාවට ,ආණ්ඩුවේ ප්‍රධානීන් ,රටේ ප්‍රධානීන් ජාතික ආරක්ෂක කවුන්සලය තමන්ට ඕන ඕන විදියට කැඳවන්නේ. නමුත් අපි විශ්වාස කරනවා ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිත්‍යානුකූලව තිබෙන්නට ඕන. රටේ නීතිය හරහා ස්ථාපනය වෙන්නට ඕන. සමගි ජන බලවේගයේ අපි මේ රටේ ජනතාවට පොරොන්දු වෙනවා ජාතික ආරක්ෂක කවුන්සිලය පාර්ලිමේන්තුවේ නීති කෙටුම් පනත් සම්පාදන ක්‍රියාවලිය තුළින් නීතියක් බවට පත් කරලා ජාතික ආරක්ෂක කවුන්සිලයට නෛතික හයිය ලබාදීලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා ,මහ මොළකරුවන් ,උපදෙස් දුන්නු අය ,මෙහෙයවන්නට නායකත්වය දුන්නු අය,තවමත් මේ ආණ්ඩුවට හොයාගන්නට බැරි පාස්කු ත්‍රස්තයින් හොයාගෙන ඒ සියලු දෙනාටම රටේ නීතිය හරහා මරණීය දණ්ඩනය ලබා දෙන්නට කටයුතු කරනවා කියලා. ඒකෙ ආයෙ වෙන කතාවක් නැහැ. ඒක අපි කරන්නට ඕන. ඒක කළොත් පමණයි මේ රට තුළ අන්තවාදයට ත්‍රස්තවාදයට සම්පූර්ණයෙන්ම ඒ අවස්ථාව අහිමි වෙන්නේ. එනිසා මම මීට වැඩිය දීර්ඝව කතා කරන්නට යන්නේ නෑ.
විශේෂයෙන්ම ආණ්ඩුව කියපු බොහොමයක් දේවල් අද ක්‍රියාත්මක වෙන්නේ නෑ. බොහෝ දෙනෙක් හිතුව චීන්නුන්ට අක්කර 15 දාහක් දෙන්නෙ අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. බැලින්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයත් දෙනවා මේ ආණ්ඩුවත් දෙනව. ඒකෙන්ම තේරෙනවා දෙගොල්ලන්ටම තියෙන්නෙ එකම ආකල්පයක් . මම තමුන්නාන්සේලාට කියන්න කැමති ඉඩම් උපයෝගී කරගෙන සංවර්ධනයක් සිදු වෙන එක හොඳ දෙයක්,හැබැයි කරන හොඳ සංවර්ධනය බලහත්කාරයෙන් කරන්න හොඳ නෑ ජනතාව දැනුවත් කරලා ,ජනතාව පදිංචි නොවන ,ජනතාව ගොවිතැන් නොකරන,ජනතාව පාවිච්චියට නොගන්න ඕනතරම් මුඩු ඉඩම් තිබෙනවා ,ඒ මුඩු ඉඩම් උපයෝගී කරගෙන ජනතාව දැනුමත් කරලා රටේ සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීම තමයි පැහැදිලි මහජන සේවාව සහ මහජන යුතුකම.’