ජාතික ආරක්ෂාව පිළිබද උපදේශක කාරක සභාවට අනිවාර්යයෙන්ම ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා සහභාගී විය යුතු වුවද ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිරිසේන මහතා බොහෝ අවස්ථාවල ඊට සහභාගී වී නොමැති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ නීතීඥ ජගත් රුවන් කුමාර ගජවීර මහතා මේ බව හෙළි කර ඇත.
කෙසේවෙතත් 2015ට පෙර බලයේ සිටි ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාත්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් පෞද්ගලිකවම මෙම රැස්වීම් සදහා සහභාගී වූ බවද හෙතෙම මෙහිදී අනාවරණය කර සිටියේය.










