පාස්කු ප්‍රහාරය තුළින් ජිවිත අහිමි වුණු, පවුලේ සාමාජිකයන් අහිමි වුණු, මහා විනාශයකට ලක් වුණු ජනතාවට යුක්තිය සාධාරණය ඉටු කරනවා යැයි 2019 දී ගොඨාභය රාජපක්ෂ පැවසුවත් ඉටු වූ යුක්තියක් නොමැති නමුත් ඒ මිලේච්ඡ ප්‍රහාරයට ලක්වූ ස්ථාන ගොඩනැගීමට සංස්කෘතික ඇමතිවරයා ලෙස තමා විශාල වැඩකොටසක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ එවැනි ගොඩනැගිලි හැදුවත් අසීමිත වටිනාකමක් ඇති මිනිස් ජිවිත නැවත ලබා දිය නොහැකි බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු බලයට පත් වුණු සෑම නායකයකුම යුක්තිය සාධාරණත්වය ඉටු කරනවා යනුවෙන් බොරු කියමින් එම ජනතාව රැවටූ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.
එබැවින් ත්‍රස්ත ප්‍රහාරයකින් පියකු අහිමි වූ පුතකු ලෙස තමා ත්‍රස්ත ප්‍රහාරයක මිලේච්ඡත්වය කුරිරු භාවය හොඳින් දන්නා නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳ විනිවිධභාවයකින් යුත් දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණයක් කර ඒ සඳහා සම්බන්ධ සියලු දෙනාව නීතිය හමුවට ගෙන එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වෙන්නප්පුවේ පැවැති ජනහමුවකට එක් වූ අවස්ථාවේදී ය.
ඊට අමතරව නැවත මෙවැනි දෙයක් සිදු නොවීමට නීතිය හා සාමය ශක්තිමත් කළ යුතු බවත් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කර අහිංසක ජීවිත විනාශ කරන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ලබා දිය යුතු බවට තමා විශ්වාස කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් වූ පුද්ගලයන් මෙන්ම ලක්ෂ 220ක් වූ ජනතාව අපේක්ෂා කරන ඒ යුක්තිය අනිවාර්යෙන් ලබා දෙන බවට පොරොන්දු වන බවත් පැවසීය.
බලය ලැබුනාම ඩීල්වලින් මේ දේවල් යටපත් වෙනවා යැයි හිතන අයට කියන්න ඇත්තේ අනික් නායකයන් මෙන් තමා ඩීල් නොගසන බවත් ජනතාව සමඟ ගසන ඩීල් එකක් මිස පක්ෂ නායකයන් සමඟ ඩීල් නොමැති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගය තුළ පොලිටිකල් ඩීල් මූල්‍ය ඩීල් නොමැති බවයි.


















