තලංගම කිඹුලා ඇල ප්‍රදේශයේ දියවන්නා ඔයේ පාවෙමින් තිබූ වයස අවුරුදු 45ක් පමණ විය හැකි නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව තලංගම පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ උඩුකය රෝස පාටට හුරු කමිසයකින් හා කළු පාට දිගු කලිසමක් හැඳ සිටි බවත් පොලිසිය කියයි.
මොහු මාළු ඇල්ලීම සඳහා ගොස් වැටුණා ද යන්න සැකයක් පවතින බවත් පොලිසිය සඳහන් කරයි.
මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි හෝකන්දර දකුණ හදිසි මරණ පරීක්ෂක ඒ එල් ඒ ප්‍රේමලතා මහත්මිය මළ සිරුර පරික්ෂා කිරීමෙන් අනතුරුව, ඥාතීන් හඳුනාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස නියෝග කළේය.
තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.










