කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මාහිමිපාණන් හමුවීමට වජිර අබේවර්ධන මහතා පියවර ගෙන ඇත.
ඊයේ (08) දින මෙම හමුව සිදුව ඇති බව දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීම සදහා මෙහෙයුමක් දියත් කර ඇති වජිර අබේවර්ධන මහතා පසුගිය සතියේ මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ඒ සදහා ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කර තිබිණ.
එහි තවත් පියවරක් වශයෙන් මෙම හමුව පැවැත්වී ඇති බව වාර්තා වේ.