ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු බළපිටිය රෝහල අසල දී සිදු කළ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ගලගොඩ පදිංචි මදුර කසුන් ගුණතිලක නැමැත්තෙක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
සති පහක් ඇතුලත අම්බලන්ගොඩ සිදුවූ පස් වැනි වෙඩි තැබීම මෙය බවත් මේ වනවිට එම වෙඩි තැබීම පහෙන් හයදෙනෙක් ජිවිතක්ෂයට පත්වී ඇති බවත් පොලිසිය කියයි.
පසුගිය දිනවල අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම්වලට පළිගැනීමක් ලෙස ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් විසින් සිදුකරන්නට ඇති බවට සැක කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ටි 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.










