බොරු වචන හරඹ නැතුව MCC ගිවිසුම අත්සන් කරනවාද නැද්ද කියා අගමැති කෙළින් කිව යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සදහන් කර සිටිති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමට MCC ගිවිසුම ප්‍රධාන හේතුවක් වූ බවත්, MCC ගිවිසුමට විරුද්ධ ජාතිමාමක බලවේග ගෝඨාභය මහතාට ඡන්දය දුන් බවත්ය.
නමුත් මේ වන විට චක්‍රලේකන වෙනස් කරමින් MCC ගිවිසුමට මේ ආණ්ඩුව පාර කපන බව පෙනී යන බවද උන්වහන්සේ සදහන් කර සිටියහ.










