ශ්‍රී ජයවර්ධනපුර, මාදිවෙල ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කරමින් තිබෙන “කුරුලු උයන” පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් විය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් අදාල කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය සිදුකරයි.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සම්බන්ධව බරපතල ගැටලු රැසක් පැන නැගී ඇති අතර ඒ පිලිබදව පිළිබඳව නිරීක්ෂණය කිරීම විපක්ෂ නායකතුමාගේ මෙම සංචාරයේ අරමුණ විය.
එම අවස්ථාවට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
කෙසේවෙතත් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර තිබූ කටකතාවලින් කියවුණේ සජිත් ප්‍රේමදාස මහතා හා චම්පික රණවක යන මහත්වරුන් අතර දේශපාලන විරසකයක් මතුව ඇති බවකි.













