කොළඹ සහ අවට ප්‍රදේශවල සැරිසරන කුඩුවලට ඇබ්බැහි වූවන් විසින් සිදු කරන ගෙවල් බිඳුම්, වාහන අමතර කොටස් ගලවා ගැනීම්, පාපැදි, යතුරුපැදි සොරකම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
නම හෙළි කිරීමට අකමැති එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ එම තත්ත්වය මත කොළඹ සහ අවට පොලිසිවලට දිවා රාත්‍රී පටි තද කරගෙන රාජකාරි කිරීමට සිදුව ඇති බවය.
එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කුඩුවලට ඇබ්බැහි වූවන් මෑතදී විශාල වශයෙන් ඇප මත මුදා හැරීමෙන් පසු මෙම තත්ත්වය මතු වී තිබෙන බවය.
කුඩුවලට ඇබ්බැහි වූවන් සොරා ගෙන එන වටිනා භාණ්ඩ රහසිගතව විකුණන ස්ථාන කිහිපයක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර සොරබඩු ළඟ තබා ගන්නා පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
මේ අතර රක්ෂිත බන්ධනාගාරව සිටි සැකකරුවන් 32, 000කින් දැනට ඉතිරිව ඇත්තේ සැකකරුවන් 18,000ක් පමණක් වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.
මේ අතර කිරිබත්ගොඩ ස්ටීපන්ස් ඉන්ධන හල අසලදී අද දහවල් කාන්තාවකගේ මාලයක් කඩාගෙන යාමට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කටයුතු කොට ඇත.










