පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ තමන්ට පිළිගත නොහැකි බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අවධාරණය කළේය.
මෙම කමිටුව චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කෙරුණු මෙම කමිටුවට ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන ඇතුළත් වූහ.
මේ අතර අද (20) දිනයේදී කටුවාපිටිය කතෝලික ජනතාව සාමකාමී විරෝධතාවක් සංවිධාන කර තිබිණ.
ඊට එක්වූ අගරදගුරුතුමා සදහන් කර සිටියේ පාස්කු වාර්තාව තමන් වහන්සේ ඉල්ලා ඇති බවත්, එය ලැබෙන තෙක් තමන් වහන්සේ ඉවසා සිටින බවකි.
එක් එක් කමිටු දමා තමන්ට අවශ්‍ය දේ තෝරාගැනීමේ ප්‍රතිපත්තිය අප පිළිනොගන්නා බවද, මෙම කමිටුව පිළි නොගන්නා බවද උන්වහන්සේ කීහ.
මේ පිළිබදව නිසි ක්‍රියාමාර්ග නොගතහොත් තමන් වහන්සේ ජාත්‍යන්තරය හමුවට යන බවද උන්වහන්සේ කීහ.










