කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් මරා දමා යුද්ධය අවසන් කෙරුණු නන්දිකඩාල් කලපුව ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු අදියර ඉදිරි සතියේ ආරම්භ කිරීමට ආණ්ඩුව මේ වන විට මූලික කටයුතු සූදානම් කර ඇත.
පසුගිය මාස කිහිපය තුළ ක්‍රියාත්මක වූ නන්දිකඩාල් කලපුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබදව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ විශේෂ අවධානය මේ වන විට යොමු කොට ඇත.
ධීවර දෙපාර්තමේන්තුව, ධීවර වරාය සංස්ථාව, නාරා ආයතනය, වනජීවී දෙපාර්තමේන්තුව සහ ධීවර ප්‍රජාවගේ සහභාගීත්වයෙන් අවසන් නිරීක්ෂණ සිදු කර ඇත.
කලපුවේ මෝය තුළ එකතු වී ඇති අපද්‍රව්‍ය වහාම ඉවත් කිරීමට මෙහිදී තීරණය වී ඇත.
යුද්ධය, ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ නොසැලකිල්ල, වසර 30 කට වැඩි කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අපොහොසත් වීම සහ සුනාමි උදම් රළ වැනි ස්වාභාවික විපත් හේතුවෙන් විනාශ වී ඇති කලපුවේ ස්වාභාවික සුන්දරත්වය වර්ධනය වන අයුරින් මෙම කටයුතු සිදුකිරීමට නියමිතය.










