ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ, ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාරවල පවතින අඩුපාඩු හා ගැටලු සොයා බැලීමට අද (21) උදෑසන හදිසියේම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැමිණ තිබිණ.
ඒ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරවය.
ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දුන්නේය.












