• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රියමාලිගේ මාර කතා එළියට එයි! ජානකීට දීලා තියෙන මුදල ලක්ෂ 1195ක්! දේශපාලන පක්ෂවලටත් අත දිගහැර සල්ලි බෙදලා? ප්‍රධාන පක්ෂයකින් ජන්දෙ ඉල්ලන්නත් ඉඳලා? සල්ලි දුන් ප්‍රකට හාමුදුරුවරු රැසකගේ නම් එළියට ඇවිත්! තාම කිසිම දේශපාලඥයකුගෙන් ප්‍රශ්න නොකළේ ඇයි?

November 13, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
තිළිණි ප්‍රියමාලිගේ බිස්නස් පාට්නර් ජානකී සිරිවර්ධන CIDයෙන් අත්අඩංගුවට ගනී!
Share on WhatsAppShare on Facebook

මෙරට අප්‍රකට ධනවතුන් මෙන්ම කළු සල්ලි ජාවාරම්කරුවන්ව අන්දවා දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලිට එරෙහිව තවමත් ලැබී ඇත්තේ පැමිණිලි දොළහක් දහතුනක් පමණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් මෙතෙක් හෙළිවී ඇති ආකාරයට තිලිණිගේ ගැටයට හසුවී කෝටි ගාණක මුදල් අහිමි කරගත් සිය ගණනක් සිටියත් ඒ කිසිවකුත් ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් වන්නේ නැති තරම්ය. ඒ අය අතර නළු නිළියන්ද දේශපාලනඥයන්ද නැත්තේම නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප්‍රියමාලිට එරෙහිව වචනයක්වත් කියන්නට ඔවුන් ඉදිරිපත් වී නැත්තේ ඇතැම් විට ඒ අය ප්‍රියමාලිගේ ව්‍යාපාරවල ආයෝජනය කරන්නට යැයි කියා ලබාදී අහිමි කරගත් ඒ මුදල් තමන් උපයාගත් ආකාරය ගැන කියන්නට ඇති බැරිකම නිසා වන්නට ද පුළුවනි. ප්‍රියමාලි වැඩේ දුන්නේ එවන් අය ඉලක්ක කරගෙනය.

ඇයට වැඩ වැරදුණේ නම් ඒ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙක් වන අසාද් සාලිව අන්දවන්නට ගොසිනි. අසාද් සාලි මෙන්ම ඔහුගේ ව්‍යාපාරික මිතුරෙක්ද ප්‍රියමාලිට මුදල් දී සිය මුදල් අහිමි කරගත් අය අතර සිටියේය. ව්‍යාපාරික මිතුරාට ප්‍රියමාලිව හඳුන්වා දෙන්නේ අසාද් සාලිය. අන්තිමට ඒ දෙන්නාගේම මුදල් වලට ප්‍රියමාලි ලස්සනට වැඩේ දුන්නේය. අවසානයේදී ප්‍රියමාලිට එරෙහිව එම ව්‍යාපාරිකයා පෙරටු කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සුදු පිරුවට හැඳ සමාජයේ ප්‍රභූවරයක් ලෙස වැජඹුණු ඇගේ ඇඳුම් ගලවන්නේ ද අසාද් සාලිය. ප්‍රියමාලිට එරෙහිව කෙ‍ෙරන විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මඟ පෙන්වන්නේ අසාද් සාලි යැයි සඳහන් කළහොත් එහි වරදක් නැති තරම්ය.

ප්‍රියමාලිගේ ජංගම දුරකතනයෙන් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට නොහැකි වූ ඇතැම් හඬපට තිබුණේ අසාද් සාලි සතුවය. විද්යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල මේ වන විට සැරිසරනුයේ එම හඬපට අතරින් කිහිපයක් පමණි. එම හඬපටවලින් මේ වන විට එළියට එන කතා දෙස බැලීමේදී පෙනී යන්නේ නම් මේ දැවැන්ත වංචාවේ පිටුපස සිටි ප්‍රබල චරිතය වන්නේ ජානකී සිරිවර්ධන බවය.

ජානකී යනු මෙරට සම්මානනීය කලා පවුලක ලේලිවරියකි. ඇගේ සැමියාද නම කියූ සැණින් රටම දන්නා තරුණ කලාකරුවෙකි. එහෙත් ඒ දෙන්නා අද ඉන්නේ දෙතැනකය. සැමියා කලාව පස්සේ යන විට බිරිය ගියේ මුදල් පස්සේය. අද ඇය හිරගෙදර තපින්නේ ද ඒ නිසාමය.

ජානකීගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඇය ව්‍යාපාර ලෝකයට පිවිසෙන්නේ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරිනියක් ලෙසින් බවය. ඇය සමාජයට බලපෑම් කළ හැකි දැවැන්ත චරිතයකි. ඇය ඒ තැනට පත්වන්නේ දැවැන්ත චරිත හඳුනා ගනිමින් ඒ අය සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරු කරමිනි. කොළඹ ඉදි කෙරෙමින් ඇති මෙරට අංක එකේ කුළුණු දෙකක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ඉන්දියානු සමාගමක ව්‍යාපෘතියක ඉහළම තනතුරක් පවා ඇයට හිමි වන්නේ ඒ නිසාමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව අත්අඩංගුවට ගන්නා විටත් ඇය එම සමාගමේ සේවයේ නිරතව සිටියේ මෙරට විධායක අධ්‍යක්ෂිකාවක් ලෙසිණි.

මැති ඇමතිවරයකුටවත් වේලාවක් වෙන් නොකර හමුවීමට නොහැකි තරම් බලවත් තැනැත්තියක් වූ ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම කෙසේ වෙතත් කටඋත්තරයක්වත් ගනීවි දැයි බොහෝ අයට පැවතියේ සැකයකි. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇගෙන් ප්‍රශ්න කළා පමණක් නොව, ඇයව අත්අඩංගුවටද ගත්තේ අධිකරණයෙන් ඇපයක් වත් ලබාගැනීමට නොහැකි වන ලෙස හිර කරන්නට හැකි හැම පැත්තෙන්ම හිර කරමිනි. ඒ ඇය එළියේ සිටීම ප්‍රියමාලිගේ වංචාවේ විමර්ශන සඳහා පමණක් නොව, සාක්ෂිකරුවන්ටද බලපෑම් එල්ල වීමට ඇති ඉඩකඩ සලකා බලාය. ඒ අනුව අද ඇය සිටින්නේ මීගමුව බන්ධනාගාරයේ කාන්තා අංශයේ වෙනම සිර මැදිරියක කොටු කරමිනි. ඇගේ සුවදුක් බැලීමට එදා ඇය ළඟින් සිටි කිසිවකුත් අද නැති තරම්ය.

ජානකීට මේ කලදවස උදා වන්නේ ප්‍රියමාලි විසින් කළ දැවැන්ත මූල්‍ය වංචාවේ කොටස්කාරිනියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් කළ විමර්ශනයේදී හෙළි වීම නිසාය. මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළිවී ඇති කරුණුවලට අනුව ප්‍රියමාලිගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරන්නැයි බොහෝ ව්‍යාපාරිකයන් උනන්දු කරමින් ඒ සඳහා පොළඹවා ඇත්තේ ජානකීය.

ඒ වෙනුවෙන් ඇය කොළඹ කොටුවේ පිහිටි සිය කාර්යාලයේ කොටසක්ද ප්‍රියමාලි වෙනුවෙන් වෙන්කර දී තිබී ඇත්තේ එම කාර්යාලයට තමා දන්නා කියන ව්‍යාපාරිකයන් ගෙන්වා ගෙන ඒ අයව ප්‍රියමාලිට හඳුන්වා දෙමිනි. ඇතැම් ව්‍යාපාරිකයන්ව ප්‍රියමාලිට හඳුන්වා දීමට ජානකී විසින් ගෙන්වා ගෙන තිබුණේ කොළඹ තරු පන්තියේ හෝටල් සමූහයකට අයත් ගොඩනැගිල්ලක පිහිටි සුඛෝපභෝගී නිවෙසටය.

ප්‍රියමාලිගේ ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කරවන්නට ව්‍යාපාරිකයන් ඇතුළු අතමිට මුදල් යහමින් ඇති සිය හිතවතුන්ව ජානකී පොලඹවා ඇත්තේ ප්‍රියමාලිටත් නැති උනන්දුවකින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට මේ වන විටත් පෙනී ගොස් හමාරය. ජානකී සිරිවර්ධන එසේ හැසිරී ඇත්තේ ව්‍යාපාරික ගනුදෙනුවලදී ඇය තැරැව්කාරියක් වූ බැවින් ඒ ඔස්සේ විශාල කොමිස් මුදලක් ලබා ගැනීමේ අරමුණ ඇතිව ද; එසේ නැතිනම් ප්‍රියමාලි හරහා වෙනත් කරුණකට මුදල් සොයා ගැනීම සඳහා දැයි දන්නේ ඔවුන් දෙදෙනා පමණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා මේ වන විට සොයමින් සිටින්නේ ඒ ගැනය.

“ඩාලිං“ යැයි දෙදෙනාට දෙදෙනා කියා ගනිමින් සිටි ජානකීත් ප්‍රියමාලිත් දැන් සිටින්නේ එකිනෙකාට පෙන්වන්නට බැරි වෛරක්කාරයන් ලෙසිණි. එය නයි මුගටි වෛරයට එහා ගොස් හමාරය. දැන් “ඩාලිං“ කතා නැත. දෙදෙනා එකිනෙකාට පරිභව කරගන්නේ උඹ බං බොලං යැයි කියා ගනිමිනි. ජානකීව බන්ධනාගාරගත කළ විට ඇයව වැලිකඩ කාන්තා අංශයේ රඳවා නොගෙන මීගමුවේ රඳවා තැබීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගන්නේද ප්‍රියමාලි රඳවා සිටින වැලිකඩ කාන්තා අංශයේම ජානකීවද රඳවා තැබුවහොත් සිදුවන්නේ දෙදෙනා කෙහෙවලු පටලවා ගන්නා බව දැනගෙනය.

“ඩාලිං“ යැයි කියාගෙන සිටි ජානකීත් ප්‍රියමාලිත් අතර හොඳ හිත පලුදුවන්නේ ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමට කෙටි කලකට පෙර සිටය. තිළිණි හැම විටම විශ්වාස කර තිබුණේ ජානකී තමා සමඟ සිටින තාක් කල් කිසිවකුටත් තමාට අත තබන්නට ඉඩක් නොලැබෙනු ඇතැයි කියාය. එහෙත් ජානකීට ඇය පෙන්වා ගෙන සිටි තරමේ බලයක් දැන් නැතැයි ප්‍රියමාලිට වැටහෙන්නට ගන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ඇය පස්සේ පන්නන්ට ගැනීමත් සමඟිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගොස් ඇති ආකාරයට අනුව ප්‍රියමාලිට කිසි දිනක ළංවීමටත් තබා හිතා ගන්නවත් බැරි ඉහළ සමාජ පැලැන්තියට ඇය කිට්ටු වෙමින් ඒ අයව ඇසුරු කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ ජානකී හරහාය. ප්‍රියමාලිව ඒ ඉහළ සමාජය හමුවට ජානකී විසින් රැගෙන යන්නේ ඇය මල්ටි බිලියනපතිනියක් ලෙස හඳුන්වා ‍දෙමිනි.

එසේ ජානකී හරහා ඉහළම සමාජ පැලැන්තියට රිංගන ප්‍රියමාලි ඒ ඔස්සේ දේශපාලන සම්බන්ධකම් ද ගොඩනගා ගත්තාය. පොලීසියේ ඇය ඇල්ලුවේ කොස්තාපල්වරු නොව සිහින දකිමින් සිටින පොලිසියේ බලවතුන්ය. ඇය කිසිදු බියක් සැකක් නොමැතිව සීමාවකින් තොරව ඩොලර් සහ රන් පොලු පෙන්වමින් නිදහසේ ව්‍යාපාරිකයන් රවටමින් වංචාවල නිරතවන්නට වූයේ එබැවිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරගෙන යන විමර්ශන ඔස්සේ හෙළිවෙමින් ඇති තොරතුරුවලට අනුව මෙම දැවැන්ත වංචාවේ සැබෑ අපරාධකරු ප්‍රියමාලිද නැතිනම් ජානකීද යන්න පිළිබඳ වූ සැකය ඇත්තේ දෝලනය වෙමිනි. ඒ ප්‍රියමාලිගේ වංචාවන් පිටුපස සිටි ප්‍රබල චරිතය වූයේ ජානකී වූ බැවිනි. ප්‍රියමාලි විසින් වංචා කළේ යැයි කියන මුදල්වලින් ද සැලකිය යුතු ප්‍රමාණයක් ඇය වැයකර ඇතැයි පෙනී යන්නේද ජානකී වෙනුවෙනි. ප්‍රියමාලි විසින් ජානකීට වට්ස්ඇප් ඔස්සේ යවා ඇති හඬපට විශ්ලේෂණය කිරීමේදී ද ඒ බව පැහැදිලිවම දැන් පෙනී ගොස් අවසන්ය.

“ඥාණසාර හාමුදුරුවන්ගේ වාහනේ බේරගන්න ඕනේ කියල ලක්ෂ 375ක් ගත්තා“ ප්‍රියමාලි මෙසේ ඒ එක් හඬපටයක තැනක පවසන්නේ ජානකී විසින් කළ යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන්ද ඇය විසින් මුදල් ලබාදීමක් ගැනය. ඒ අනුව පෙනී යන්නේ ජානකීගේ මුදල් අවශ්‍යතා සපුරා ඇත්තේ ප්‍රියමාලි බවය. ප්‍රියමාලි එසේ ජානකී වෙනුවෙන් වැය කර ඇතැයි හෙළි වෙමින් ඇත්තේ සුළු පටු මුදලක් නොවන බව ගණන් මිනුම් එක්කම දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන හමාරය.

එම හඬපටයෙන් කියැවෙන ඥාණසාර හිමියන් කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් අධිකරණයට කරුණු දක්වමින් හෙළි කර නැත. මේ කියන ඥාණසාර හිමියන් රටම දන්නා ඥාණසාර හිමියන්දැයි දන්නේ ප්‍රියමාලිත් ජානකීත් පමණි. ඒ ගැන ප්‍රියමාලි සහ ජානකීගෙන් ප්‍රශ්න කර මෙම වාහන ගනුදෙනුව කුමක්දැයි ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පැහැදිලිවම හෙළි කරගනු ඇත. මෙම හඬපටයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට හොඳින්ම පැහැදිලිවී ඇති කරුණක් නම් ප්‍රියමාලි සහ ජානකී ගනුදෙනු කර ඇත්තේ බොරැල්ලේ සිරි සුමන හිමියන් සමඟ පමණක් නොවන බවය.

තහවුරු නොවූ විවිධ තොරතුරු ඔස්සේ හෙළිදරව් වෙමින් ඇති ආකාරයට අනුව දේශපාලනයට ද සම්බන්ධ ප්‍රකට භික්ෂුවක්ද රවටා උන්වහන්සේ සතු මුදල් කෝටි ගණනක් තිළිණි විසින් සිය ව්‍යාපාරවල අයෝජන ලෙස ලබාගෙන ඇති බවය. ඒ උන්වහන්සේටත් රන් පොලු යැයි කියා පිත්තල පොලු කිහිපයක් ඇපයට තබා ගැනීමට ලබා දෙමිනි. කොළඹ නගරයට නුදුරු ප්‍රදේශයක ඉදිකර ඇති විහාරස්ථානයක වැඩ වාසය කරන මෙම රැඩිකල් භික්ෂුව එම පොලු රන් නොව පිත්තල බව දැන ගැනීමෙන් පසු ජානකී මුණගැසී අඩි පොලොවේ හප්පා කෑමොර නොදෙන්නට මුදලින් කොටසක්වත් උන්වහන්සේට නොලැබෙනු ඇත. උන්වහන්සේ ප්‍රියමාලිට දුන් මුදල් වෙනුවෙන් ජානකීගේ බෙල්ල මිරිකන්නේ තමන් වහන්සේට ප්‍රියමාලිව හඳුන්වා දෙන්නේ ඇය වූ බැවිනි.

උන්වහන්සේ මෙන් අඩි පොලොවේ හප්පා කෑමොර දී ජනකීට හෝ ප්‍රියමාලිට බලපෑම් කරන්නට ඔවුන්ගේ වංචාවට හසුවූ වෙන කිසිවකුටත් හැකියාවක් නොවීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි කිරීමට සිය ව්‍යාපාරික මිතුරාව අසාද් සාලි විසින් යොමු කරනුයේ ප්‍රියමාලි සහ ජානකී සමඟ අඩි පොළොවේ හප්පා ඒ ගනුදෙනුව විසඳා ගන්නට බැරි වූ තැනය. පසුව අසාද් සාලිද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යන්නේ තමාට අහිමි වූ රුපියල් කෝටි අට ගැන සිතා නොව, ප්‍රියමාලිටත් ජානකීටත් හොඳ පාඩමක් ඉගැන්වීම සඳහාය.

කෑමොර දී සිය හයි හත්තිය පෙන්වා ප්‍රියමාලිට දුන් කෝටි ගණක මුදල් පොලීසි උසාවි නොගොස් නැවත ලබා ගැනීමට වෙර දැරුවේ අසාද් සාලි පමණක් නොවේ. නම ගිය හොඳ හොඳ වැඩකාරයෝ රැසක් දැන හඳුනාගෙන සිටින පොලිසියේ ලොකු උදවිය ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන ව්‍යාපාරිකයෙක් වන කමල් හසන් නැමැති ව්‍යාපාරිකයාද තිලිණිට දුන් රන් කිලෝවත් ඇමරිකානු ඩොලර් 60,000ත් ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයත් ආපසු ලබා ගැනීමට ප්‍රියමාලිට සිය හයි හත්තිය පෙන්නුවේය. එහෙත් ඇගෙන් ඔහුට සත පහක මුදලක් ගැනීමට හැකියාක් නොවීය. අවසානයේ ඔහුද නවතින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොසිනි.

රටින් පිට සිටිමින් මත්කුඩු ජාවාරමේ නිරත නම ගිය පාතාල අපරාධකරුවන්ගේ මුදල්ද විශාල ප්‍රමාණයක් තිබී ඇත්තේ ප්‍රියමාලි ළඟය. ඒ එම පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි සුදු කරන ව්‍යාපාරිකයන් හරහාය. මත්කුඩු මුදල් උණ්ඩියල් කරන එම ව්‍යාපාරිකයෝ ප්‍රියමාලිගෙන් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට මෙන්ම කළු සල්ලි සුදු කර ගැනීමට ඒ මුදල් ආයෝජනය කිරීමට ද තෝරා ගත්තේ ප්‍රියමාලිය. එම මුදල් ප්‍රමාණය කොපමණදැයි මෙතෙක් හෙළිවී නැතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිටින්නේ ඒ ගැනද විශේෂ අවධනයක් යොමුකර සොයා බලමිනි.

මෙම විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට පෙනී ගොස් ඇති ආකාරයට අනුව ප්‍රියමාලිගේ වංචාවන්ට හසුවූ බොහෝ අය කළු සල්ලි ජාවාරම්කරුවන්ය. දෙතුන් දෙනෙක් හැරුණු කොට බොහෝ පිරිසක් අදටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තමන්ට සිදුවී ඇති වංචාවේ තරම නොකියන්නේ ඒ නිසාය. ජානකීද ප්‍රියමාලිට වැඩි හරියක් මුණගස්සවා ඇත්තේ එවන් කළු සල්ලි උල්පත්ය. ජානකී සල්ලි ගස් හොල්ලා ප්‍රියමාලිගේ මඩිය තර කරන විට ඉන් සැලකිය යුතු කොටසක් ජානකීගේ ඔඩොක්කුවට වැටී ඇති බව හඬපට වලින්ද එළියට එන කාරණාවකි.

“ජානකී ඔය ඔක්කෝටම කලින් ඔය කපටිකම හදා ගන්න. එතකොට තමයි හැමදේම හරි යන්නේ. ඉස්සෙල්ලම මම ඔයාට ලක්ෂ 100ක් ගෙනත් දුන්නා. ලක්ෂ 100ගෙනත් දුන්නේ ඔය තොවිලෙට. ඊට පස්සේ ලක්ෂ 350ක්. ඊට පස්සේ ආපහු ලක්ෂ 170ක් ඕනේ කිව්වම දුන්නා. ඊට පස්සේ සම්පත්ට දුන්න කියල බොරු කියල ලක්ෂ 200ක් ගත්තා. “ ඒ එක් හඬ පටයක ඒ බව තහවුරු වන්නේ මෙසේය.

ඥාණසාර හිමියන්ගේ වාහනය බේරා ගන්න යැයි කියා ලක්ෂ 375ක් ගත්තේ යැයි කියැවෙන්නේද මේ හඬපටයේමය. ඒ අනුව ගත් කල ජානකී විසින් ප්‍රියමාලිගෙන් ලබා ගත්තේ යැයි එම හඬ පටියේ කියැවෙන මුදල එකට එකතු කර ගත් කල රුපියල් ලක්ෂ 1195කි.

මෙහි කියැවෙන එම තොවිලය නටා ඇත්තේ ජානකීගේ දරුවා මාරයාගෙන් බේරා ගැනීමටය. ජානකීගේ දරුවා අකාලයේ මියැදෙනවා යැයි කියා ඇත්තේ සාත්තරකරුවෙකි. එය තදින්ම විශ්වාස කළ ඇය එයින් ගැලවීමට සූදානම් වන්නේ තොවිලයක් නටාය. ඒ සඳහා ජානකීව පොලඹවා ඇතැයි කියැවෙන්නේ ඇය ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ භික්ෂුවකි. මළගිය ප්‍රාණකාරයන් සමඟ සන්නිවේදනය කරන පෙරදක්නා නුවණ පහළවී රහත් ඵලයට පත්ව සිටින එම භික්ෂුව ‍වෙන කිසිවකුත් නොව බොරැල්ලේ සිරිසුමන හිමියන්ය.

ජානකී සිය දරුවාව මරණින් බේරා ගැනීමට තොවිලය නටවන්නේ ගාල්ල බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයේ ප්‍රධාන කපු තැන්පත් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මඟිනි. හඬ පටවලින් කියැවෙන ආකාරයට අනුව ඒ සඳහා ඇය වැය කර ඇතැයි කියැවෙන මුදල රුපියල් කෝටි 08කට වැඩිය. ඒ මුළු මුදලම කපුවාට ගියේ යැයි එහි පැහැදිලි නැතත් ප්‍රියමාලි එතරම් මුදලක් ජානකී වෙනුවෙන් වැයකර ඇති බව එම හඬ පටවලින් පැහැදිලිය. මේ ගැන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර කපුතැන පවසන්නේ තමාගෙන් වැඩක් කරවාගෙන දේවාලයේ වැඩ සඳහා යොදා ගැනීමට යැයි කියා පූජා කළ ලක්ෂ 350ක අගරු වූ චෙක්පතක් නම් තාවමත් තමා ළඟ ඇති බවය.

ප්‍රියමාලිගේ වංචාවට හසු වූ කණ්ඩායමේ සිටින ක්‍රියාකාරී සාමාජිකයෙක් වන අසාද් සාලි පවසන්නේ එකී තොවිලය කරනු ලැබුවේ කොළඹ කොටුවේ අඩක් නිම කර අතරමග වැඩ නතර වී ඇති ගොඩනැගිල්ල තුළ බවය. ඒ හැරුණු කොට ප්‍රියමාලිද සිය ව්‍යාපාර දියුණුව සඳහා ක්‍රිෂාන්ත පුෂ්පකුමාර කපුතැන හැරුණු කොට මැටරඹ සතර මහා දේවාලයේ දේවගැති කීර්ති බටේගොඩගේ සේවයද ලබාගෙන ඇති බවද කියැවෙති. ඒ ගැනද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම සිටින්නේ තොරතුරු රැස් කරමිනි.

එම විමර්ශනවලින් පෙනී යමින් ඇත්තේ ජානකී මෙන්ම ප්‍රියමාලිද අන්ධ විශ්වාසයන් පස්සේ දිව යන කාන්තාවන් බවය. සිය ව්‍යාපාර දියුණුවට යැයි කියා කපුවන්ගේ සේවය ලබා ගෙන ඇත්තේ කෝටි ගණන් මුදල් වැය කරමිනි. තමන් අදහන දෙවියන්ට ඇය සතියකට වරක් පුද පූජා පවත්වන්නේ යැයි කියැවෙන්නේද එළකිරෙන් නා පිරිසිදු වෙමිනි. ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබුණේ ඇගේ සැමියා යැයි කියන ඉසුරු බණ්ඩාරය. අද ඔහුත් සිටින්නේ හිර ගෙදරය. ඒ ඇගේ සහයකයා ලෙස කටයුතු කරන්නට ගොසිනි.

ඉසුරු බණ්ඩාර කාලයක් දේශපාලන ඇසුරේ සිටි අයෙකි. එබැවින් ඔහුට ද දේශපාලන උණුසුම වැදී තිබුණේය. දේශපාලන නූල් සූත්තර සියල්ලක්ම එම දේශපාලඥයාගේ ඇසුරේ සිටියදී උගත් ඉසුරු බණ්ඩාර පිඹුරුපත් සකස් කරමින් සිට ඇතැයි කියැවෙන්නේ ප්‍රියමාලි සමඟ එක්ව ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමටය.

ඒ සඳහා ඔවුන් දෙදෙනා පාර කපා ගන්නට සැලසුම් කර ඇත්තේ විවිධ උත්සව සංවිධානය කරමින් රටේ ජනප්‍රිය සහ ප්‍රබල දේශපාලන චරිත ගෙන්වාගෙන ඒ අය සමඟ කුලුපග වෙමින් බව විමර්ශනවලින් මතු වී ඇති අලුත්ම කරුණුය. හිටපු ජනපතිවරු පවා ඒ අය අතර සිටීම විශේෂත්වයකි. ප්‍රියමාලි ඇතැම් දේශපාලන පක්ෂ සහ සංවිධානවල අරමුදල් ශක්තිමත් කිරීමට ද සම්බන්ධ වී තිබේදැයි යන්න ගැනද සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් අමතක කර නැත. ඒ ඇතැම් දේශපාලන පක්ෂවල ප්‍රබල චරිත අසාමාන්‍ය ලෙස ඇය සමඟ කුළුපග ව ඇති බව පෙනී යන බැවිනි.

ඇයට එම දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ ජානමය සම්බන්ධයක් තිබෙන නිසා එම පක්ෂවල ප්‍රබලයන් සමඟ ඇය එතරම් තුළුපඟ වූවා විය හැකිය. ඇගේ ජවසම්පන්න හැසිරීම මෙන්ම කතාබහෙන් ද පිළිඹිඹු වන්නේ වමේ රැඩිකල් දේශපාලන ධාරාව බව ඇයව ඉතා කිට්ටුවෙන් ඇසුරු කර ඇති බොහෝ අය කියන කාරණාවකි. බැලූ බැල්මට තිලිණිගේ පවුලේ කිසිවකුත් දේශපාලනයට ඝෘජුවට සම්බන්ධ අය නොවූවත් ඇයට ඒ ආභාසය ලැබී ඇතැයි කියැවෙන්නේ ඇඟෙන්මය. ඇතැම් විට ඇය මැතිවරණයකට තරග කළේ නම් රටේ ජනතාව ඇයව පාර්ලිමේන්තුවට යවන්නේ ඉහළම මනාප ප්‍රතිඵලයක් ලබා දෙමිනි. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා ද මෑතකදී ඒ බව පවසා තිබුණේ ප්‍රසිද්ධ රැස්වීමකදීය.

තිළිණි ප්‍රියමාලි වංචා සහගතව රැස්කරගත් මුදල් අත දිගහැර වියදම්කර තිබුණේ උත්සව සංවිධානය කරමින් දේශපාලනඥයන්ව ගෙන්වා ගැනීමට පමණක් නොවේ. සංගීත ප්‍රසංග පවා සංවිධානය කරන්නට වූයේ ඇගේ ප්‍රතිරූපය ඉහළ සමාජය හමුවේ ගොඩ නඟා ගැනීමටය. ඒ හැරුණු කොට ඇය තෝරාගත් කලාකරුවන් රැසක් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වැයකර තිබුණේය.

ජනප්‍රිය නිවේදන යුවළක් වෙනුවෙන් නිවෙසක් මිලදී ගැනීමට ඇය රුපියල් කෝටි එකහාමාරක් ලෝබ නැතිව ලබාදී ඇති බවද මේ වන විට හෙළිවී ඇත්තේය. එම නිවේදන යුවළ මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ගෙන ප්‍රකාශ සටහන් කරගෙන නැත. ඉදිරියේදී ඒ අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීමට සූදානමක් ඇත්තේ ප්‍රියමාලි විසින් ඔවුන්ට ලබා දුන් මුදල් ලබා ගැනීමේ අරමුණ ඇතිවය.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් එසේ ප්‍රියමාලි මුදල් බෙදූ පුද්ගලයන් ගැන සිටින්නේ යම් සොයා බැලීමක නිරත වෙමිනි. එහිදී පෙනී ගොස් ඇත්තේ කලාකරුවන් රැසකට තිළිණි වංචාවෙන් උපයාගත් මුදල් කෝටි ගණින් බෙදා ඇති බවය. එමෙන්ම ඇය විසින් අපේ රටේ කලාකරුවන් රැසක් රැවටීමටද ලක්කර තිබුණාය. අපේ රටේ ප්‍රවීණ කලාකරුවන් වන ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න, සේමිනී ඉද්දමල්ගොඩ වැන්නවුන්ගෙන් මෙන්ම ප්‍රියමාලිව ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ තැනැත්තියක් වන ජීවන් කුමාරතුංගගේ බිරිය ෂෙරින් ඇතුළු බොහෝ පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් ප්‍රකාශ ගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙනි.

ජීවන් කුමාරතුංග නම් පවසන්නේ තමා ප්‍රියමාලිව දැන හඳුනා ගත්තේ සුනිල් ටී ප්‍රනාන්දු මඟින් බවය. තමා අධ්‍යක්ෂණය කළ ජීවා චිත්‍රපටයේ නිෂ්පාදිකාව ප්‍රියමාලි බවද ඔහු කියන්නේය. ඒ හැරුණු කොට ප්‍රියමාලි සමඟ තමාට සම්බන්ධකමක් නොතිබුණු බවද ඔහු පවසන්නේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් ඇත්තේ ජීවා චිත්‍රපටය නිෂ්පාදය කිරීමට ප්‍රියමාලි වැය කර ඇත්තේ වංචාවෙන් උපයා ගත් මුදල් බවය. ඒ අනුව එම චිත්‍රපටය සම්බන්ධයෙන් ද නීතිපති උපදෙසින් යම් පියවරක් ඉදිරියේදී ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව අවසන්ය.

ජීවා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවන සංගීතා වීරරත්නගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගත්තේ ඇය එම චිත්‍රපටයේ රඟපෑම නිසාම නොව ඊට එහා තිළිණි ප්‍රියමාලි සමඟ පැවති සම්බන්ධකම් මොනවාදැයි දැන ගැනීමටය.

එහිදී සංගීතා නම් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට පවසා ඇතැයි කියැවෙන්නේ ජීවා චිත්‍රපටය හරහා තමා ඇයව දැන හඳුනාගත් බවකි.

ඒ හැරුණු කොට ඇය සමඟ වෙන කිසිදු සම්බන්ධයක් නොවූ බව සංගීතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබුණාය. එහිදී ඇය විසින් ලබා දුන් පිළිතුරු කෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නම් මුලදී එතරම් සෑහීමකට පත්වූ බවක් අනාවරණය වන්නේ නැත. ප්‍රියමාලිගේ ජංගම දුරකතනයෙන් මතු කරගත් යම් විඩියෝ දර්ශනයක් ඇයට පෙන්වා ඇතැයි කියනු ලබන්නේ එබැවිණි. එය දුටු ඇය නිරුත්තර වන්නේ ඇයි දැයි ගැටලුවකි.

ප්‍රියමාලි ඇසුරු කළ කලාකරුවන් ආශ්‍රිතව කරමින් යන විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගිය කරුණක් වන්නේ අපේ රටේ අතමිට සරු කලාකරුවන් රැසක්ම ප්‍රියමාලිගේ ගැටවලට හසුවී ඇති බවය. ඇතැම් කලාකරුවන් වැඩි ලාබ අපේක්ෂාවෙන් ප්‍රියමාලි සමඟ ගනුදෙනු කර අහිමි කරගෙන ඇත්තේ රුපියල් කෝටි ගණන්ය. ඒ හැම කෙනෙක්ම පාහේ ප්‍රියමාලිට ඉතා කිට්ටුවන්තයන්ව සිටියවුන්ය. ඒ අතර සිනමාවේ දැවැන්තයින්ද නැත්තේම නැත. එහෙත් ඒ කිසිවකුත් තාමත් ප්‍රියමාලිට එරෙහිව කිසිදු පැමිණිල්ලක් කරන්නට ඉදිරිපත් වී ඇති බවක් නම් පෙනෙන්නට නැත. ඒ එම කලා කරුවන්ගේ රහස් ගොන්නක්ම ප්‍රියමාලිගේ ජංගම දුරකථනයේ සැඟවී ඇති බැවින් ඇයට එරෙහිව යාම සියතින් ගෙල සිඳ ගැනීමක් යැයි විශ්වාස කරන නිසා විය හැකිය.

ප්‍රියමාලි මේ හැමදෙයක්ම කර ඇත්තේ සියුම් සැලසුමකට අනුව බව විමර්ශනවලින් පෙනී ගොස් ඇති කරුණකි. අඩුම තරමින් ඇගේ පරිගණක පද්ධතිය හෝ ජංගම දුරකතනය පරික්ෂා කර ඇයට මුදල් ලබා දුන් පුද්ගලයන් කවුරුන්දැයි කියාවත් පැහැදිලිවම හඳුනා ගැනීමට නොහැකිය. ඇය ඒ හැම කෙනෙකු ගැනම සටහන් තබාගෙන සිට ඇත්තේ සංකේත මගිනි. එම සංකේත මොනවාදැයි තාමත් ඇය හෙළිකර නැත. පුද්ගල නාමයන් පමණක් නොව, එම පුද්ගලයන් ඇයට ලබා දුන් මුදල් ගැන පවා ඇය සටහන් තබාගෙන ඇත්තේ සංකේත යොදා ගෙනය. ඒ නිසා ඇය විසින් වංචා කළ මුදල කොපමණදැයි ඇගේ ගිණුම් පරීක්ෂා කර සොයා ගැනීමද එතරම් පහසු කටයුත්තක් නම් නොවන බව පැහැදිලිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරවට අනුව ඇය විසින් බොහෝ ගනුදෙනු කර ඇත්තේ බැංකු පද්ධතිය මඟහැරය. බැංකුවල මුදල් තැන්පත්කර ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයන්වලින් පමණි. නමුත් මේ වසරේ මුල ඇගේ ගිණුම් වල රුපියල් කෝටි 300කට අධික මුදලක් තිබී ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත්තේය. ඒ මුදල වසර මැදදී විටෙන් විට ඉවත් කරගෙන ඇතත් ඊට සිදුවූ දෙයක් මෙතෙක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව නැත.

ඒ මුදල් කෙහේ හෝ තැනක තිබිය යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් දැන් විශ්වාස කරති. ඒ මුදල් ඇත්තේ ප්‍රියමාලි සතුවද ජානකී සතුවද එසේත් නැතිනම් තුන්වැනි පාර්ශවක් සතුවද ඇත්තේ බලවත් ගැටළුවකි. එකින් එක මේ වන විට එළියට එමින් ඇති හඬපටවල ඇසෙන්නේ නම් තිළිණි නිර්දේෂී තැනැත්තියක් බව කියැවෙන කොටස්ය. ඒ හැම හඬ පටයකින්ම පාහේ චේදනා එල්ලවන්නේ ජානකී වෙතය.

ඒ හරියට ප්‍රියමාලිගේ ව්‍යාපාරවල ආයෝජනය කළ සියලු මුදල් ජානකී විසින් කොල්ලකෑ බව හැඟී යන ලෙසිණි. එය සැබෑවක් නම් ප්‍රියමාලි රූකඩයක් පමණි. තිරය පිටුපස සිට ඇයව නැටවූ අයෙක් සිටිය යුතුමය. ඒ ජානකීම දැයි කියා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට හැකියාවක් නම් ලැබී නැත. අඩුම තරමින් ඇය විසින් වංචා කළ බිලියන ගාණක මුදලින් එක රුපියලක්වත් තවමත් සොයා ගෙනද නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් නම් විශ්වාස කරනුයේ ප්‍රියමාලි විසින් වංචා සහගතව රැස්කරගත් විශාල මුදලක් තවමත් රට තුළ සඟවාගෙන සිටින බවය. තවමත් හෙළිවී නැත්තේ එම මුදල් සඟවා ඇති තැන ගැනය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් සිය අවධානය වැඩි වශයෙන් යොමුකර ඇත්තේ ඒ මුදල් සඟවා ඇති තැන සොයා ගැනීමටය. ප්‍රියමාලිගේ ජංගම දුරකතනයේ සටහන් වී ඇති ඇතැම් තොරතුරු ඔස්සේ විවිධ පුද්ගලයන් ගෙන්වා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් යම් උත්සහයක් ගනිමින් ඇත්තේ ඒ මුදල් ටික සොයා ගන්නටය. ඒ යැයි කියා තාමත් ඇය ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ කිසිදු දේශපාලනඥයකු මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමකට ලක්කර නොමැති වීමද විශේෂත්වයකි.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

රහත් හාමුදුරුවරු ආවා! නාගලෝකෙන් නයි අරන් හාමුදුරුවරු ආවා! පේන කියන හාමුදුරුවරු ආවා! දැන් දියසෙන් හාමුදුරුවොත් ඇවිත්! මගුල් බෙර සක් නද මැද හිමිනමක් දියසෙන් ඔටුන්න පැළඳ ගනී! (VIDEO)

Next Post

කොටියා කියලා එදා විමල්ලා පරසක්වල ගහපු ‘අලිරාජා’ අන්න රනිල් හමුවෙලා සාකච්ජා කරලා! ඊට පස්සේ මෑතකදි නිදහස් කරපු කොටි සිරකරුවන්වත් හමුවෙලා තරුපහේ හෝටලයක සුපිරි කෑමකුත් දීලා! කෝ මේ විමල්? (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.