‘ප්‍රභාකරන් මැරිලා කියලා මම පිළිගන්නේ නෑ. පිළිගන්න පුළුවන් සාක්ෂියක් ආණ්ඩුවෙන් දීලත් නෑ.’ යනුවෙන් ප්‍රභාකරන්ගේ මස්සිනා වන එම්. කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.
තමන් ඉන්දියාවට යන බවත්, එහිදී ප්‍රභාකරන් ජීවත් වන බව කී නෙදුමරන් මුණගැසෙන බවත් සිවාජිලිංගම් කියා සිටියේය.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ චමුදිත සමරවික්‍රම මහතා සමග මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී සිවාජිලිංගම් මහතා මෙසේද සදහන් කළේය.
‘උතුරේ මහ ජාතිය දෙමළ. අපිට 13 සංශෝධනය ඇති වැඩක් නෑ. වෙනම ආණ්ඩුවක් ඕන.’
‘සුදු කොඩි අරගෙන එන කොටි නායකයන්ට වෙඩිතියන්නේ නැහැ කියන ඩීල් එක දැම්මෙ බැසිල් රාජපක්ෂ. බැසිල් එරික් සෝල්හයිම් පොරොන්දු වෙලා ඒ මිනිස්සුන්ට වෙඩි තියලා දැම්මා.’
‘උතුරේ මහ ජාතිය දෙමළ. අපිට 13 සංශෝධනය ඇති වැඩක් නෑ. වෙනම ආණ්ඩුවක් ඕන.’
‘ගෝඨාභයට ජනාධිපතිවරණෙ දිනන්න පාස්කු ප්‍රහාරයත් සැලසුම් කරපු එකක්.’
‘රනිල් පරද්දන්න රාජපක්ෂලත් එක්ක ඩීල් ගහපු එමිල් කාන්තන් දැන් ඉන්නේ රනිල් එක්ක ලංකාවේ. මේ රටේ ඉන්නේ leaders ලා නෙමෙයි dealers ලා.’










