ICRA Lanka Limited ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් 2023 ජනවාරි 31 දින සිට නවතා තිබේ.
මේ තත්ත්වය තුළ තම අනුමත ශ්‍රේණි ආයතන ලැයිස්තුවෙන් ICRA Lanka Limited ආයතනය ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට බලපත්‍රලාභී මූල්‍ය සමාගම් වෙත දැනුම් දීමක් කරමින් වැඩිදුරටත් කියා සිටින්නේ, ICRA Lanka Limited වෙතින් ණය ශ්‍රේණි සේවාවන් ලබා ඇති ආයතන, වෙනත් පිළිගත් ණය ශ්‍රේණි ආයතනයක් සමඟින් නව ගිවිසුම් කරා යා යුතු බවයි.
ICRA Lanka Limited ශ්‍රී ලංකාවේ මෙහෙයුම් නතර කිරීමට හේතුව නිල වශයෙන් සඳහන් කර නැත.