ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සහ පළාත්පාලන මැතිවරණය යන දෙකම එකට පවත්වන ලෙසට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව පැවසේ.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇති බවද දැනගන්නට ඇත.
මේ වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට ආණ්ඩුව ඇතුළනේම යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි මාසයේදීය.
ඒ අනුව හදිසි පළාත් සභා මැතිවරණයකට නොගොස් පෙබරවාරි මාසයේදී පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසු එම මැතිවරණ දෙකම එකවර පවත්වන ලෙස මෙම යෝජනාවෙන් ඉල්ලා තිබේ.