නයිවල ප්‍රද්ශයේ පැවති “ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු රැස්වීමේදී” අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක අතර උණුසුම් සංවාදයක් ඇති විය.
එම කමිටු රැස්වීමේදී ප්‍රදේශයේ වන සංරක්ෂණ ගැටලු සහ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය අදහස් පළ කරමින් සිටි අවස්ථාවේදී ඊට බාධා කළ නිලධාරීන් ඇය පැරණි නීතිපනත් මත සිට කටයුතු කරන බව කියා සිටියහ.
පසුව අමාත්‍යවරයාද කියා සිටියේ වගාකරන ඉඩම් එම ගොවීන්ට ලබා දිය යුතු බවකි.
මීට අමතරව වෙනත් ස්ථානයකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා කියා සිටියේ දේවානිලා රටට විනයක් බවකි.










