• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රී‌ගේ පුතාට ගහලා වැඩ තහනම් වුණු පෑලියගොඩ OIC මව්රටට කතා කරයි

March 10, 2021
in Exclusive, Uncategorized
Reading Time: 8 mins read
A A
මෛත්‍රී‌ගේ පුතාට ගහලා වැඩ තහනම් වුණු පෑලියගොඩ OIC මව්රටට කතා කරයි
Share on WhatsAppShare on Facebook

පහුගිය දවසක, පෑලියගොඩ පොලීසියෙ වෙච්ච සිදුවීම සම්බන්ධව අපි හොයා බලන්න තීරණය කළා. ඒ මිගාර ගුණරත්න නමැති නීති ශිෂ්‍යයෙක්ට පෑලියගොඩ පොලීසියේ දී පහරදීම සම්බන්ධ සිදුවීම. මෙහිදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ස්ථානධිපතිව කටයුතු කරපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා සමග කරපු කතාබහ තමයි මේ.

ඇත්තටම මොකක්ද වුණේ?
ඇත්තටම සිදුවීම කියන්නේ ෆේස් බුක් හරහා භාණ්ඩ එවනවා කියලා පිටරට ඉඳන් මිනිසුන්ව රවට්ටලා සල්ලි වංචා කරන කල්ලියක් ගැන තොරතුරු ආවා. ඒ සම්බන්ධයෙන් දාහත්ලක්ෂ හතළිස් පන්දාහක් කෙනෙකුගෙන් වංචා කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ආවා. ඒක අපේ පොලිසීයේ එස්.සී.අයි.බී. එකේ ඒ කම්පේලේන් එක ලිව්වා. පස්සේ අපේ කොට්ඨාසේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහත්තයා කිව්වා මට ඔය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කිව්වා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරද්දී ඕක දඹුල්ලේ මහජන බැංකු අකවුන්ට් එකක් ඕපන් කරපු එක්කෙනෙක් හරහා තමයි සල්ලි වැටිලා තිබ්බේ. ඊට පස්සේ එයා හිටියේ බත්තරමුල්ලේ. බත්තරමුල්ලට ගිහිල්ලා මිනිහගෙන් ඒ සල්ලි ගැන අහපුවම එයා ඊට පස්සේ කිව්වා මං දැන් ලිවින්ග් ටුගෙදර්, ගෑනු කෙනෙක් එක්ක ඉන්නේ ඒ ගෑනු කෙනා ඉස්සර අවුරුද්දක් විතර යාළුවෙලා හිටියා නයිජීරියන්කාරයෙක් එක්ක. නයිජීරියන්කාරයගේ ඉල්ලීම මත තමයි ඒ මුදල් දම්මවගත්තේ කියලා. පස්සේ ගෑනු කෙනා එයාගේ අවශ්‍යතාවයට තමයි කළේ කියලා. ඒ ගෑනු කෙනා අවුරුදු විසිනමයක විතර ටිකක් ලස්සන ගෑනු කෙනෙක්. ඊට පස්සේ දෙන්නම මේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ අපි නයිජීරියන්කාරයෝ හොයන්න ගියා දෙහිවලට. දෙහිවල ගෙදරක එක නයිජීරියන්කාරයෙක් හිටියා තට්ටු තුනේ ගොඩනැගිල්ලක. ඒ නයිජීරියන්කාරයගෙන් ඒ විස්තර අරගෙන එතන තිබ්බා අර ඩොලර් ඩබ්ලින් කරනවා කියන්නේ. කෙමිකල් එකක් කොළේට දාපුවම ඩොලර් නෝට්ටු එනවා වගේ පේනවා. අන්න එහෙම කරලා ඒ වංචා කරන්න ගන්න සීයේ බන්ඩල් විසිපහක් මිනිහා ගාව. ඊට පස්සේ ඒකත් එක්ක මිනිහා මේ වංචාවට ඇරස්ට් කරලා ඊටපස්සේ තොරතුරු ගත්තම ආවා මේකට සම්බන්ධ අනිත් කට්ටිය මෙතනට ඇවිල්ලා යනවා. ඒ කට්ටිය ඉන්නේ ගල්කිස්සේ අපාර්ට්මන්ට් එකක කියලා. පස්සේ ගල්කිස්සට ගිහිල්ලා අපි කතා කළා. එයාලා දොර ඇරියේ නෑ. හතරවෙනි තට්ටුවේ මට මතක විදිහට හිටියේ. ඊට පස්සේ අපි බලය පාවිච්චි කරලා දොර ඇරගෙන ඇතුළට ගියාම උස්බෙකිස්තාන් ගෑනු දෙන්නෙකුයි නයිජීරියන්කාරයෝ තුන්දෙනෙකුයි එතන හිටියා. එතකොට අපි ඔක්කොම අටක් ඇරස්ට් කළා. ඒගොල්ලෝ ගාව තිබිලා හෙරොයින් ග්‍රෑම් විසිපහකුත් අපිට හම්බවුණා. එක නයිජීරියන්කාරයෙක් ගාව තිබ්බා. ඊට පස්සේ අපි කරපු වැඩේ ඒ සම්බන්ධව විමර්ශනය කරද්දී මේගොල්ලෝ ලොකු ගණන්වලට අපාර්ට්මන්ට් අරගෙන අතිසුඛෝපභෝගී ජීවිත ගත කරනවා. නමුත් මේ ගොල්ලන්ගේ ඉන්කම් එකක් එන විදිහක් මේගොල්ලන්ට පෙන්නන්න නෑ. මේගොල්ලන්ගේ ඉන්කම් එක තමයි හෙරොයින් ජාවාරම, ගණිකා වෘත්තීයේ යෙදවීම කාන්තාවන්ව, ඊට අමතරව ඔය විදිහට මිනිස්සු මුළා කරලා සල්ලි ගන්න එක. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මේගොල්ලන් ගෙනාවම අපි ඊට පස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ගිය විසිතුන් වෙනිදා මේගොල්ලන්ට රඳවා ගැනීමේ නියෝගයක් ගත්තා.

කී දෙනෙක්ද මෙතන ඉන්නේ එතකොට?
උස්බෙකිස්තාන් ගෑනු දෙන්නයි, ලංකාවේ ගෑනු කෙනයි, නයිජීරියන්කාරයෝ හතරදෙනයි, ශ්‍රී ලාංකික එක්කෙනයි.

එතකොට ඒ ගොල්ලන්ට චෝදනා මොනවද තියෙන්නේ?
ඒ ගොල්ලන්ට චෝදනා තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම, මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, එතකොට මිනිසුන්ව රවටා මුදල් ලබා ගැනීම, අපේ පැමිණිල්ලට අනුව. ඊට අමතරව අර ඩොලර් නෝට්ටු ඩබලින් කරනවා කියන්නේ කෙමිකල් එකක් දාලා ඒවා කිරීම වගේ වංචා රැසක් කරන කට්ටියක් මේ.

“එතකොට මේ නීතිඥවරයා පෙනී හිටියේ කා වෙනුවෙන්ද?

ඔව්. ඊට පස්සේ පහුවෙනිදා වැඩිදුර විමර්ශනය සඳහා අපි විසිපස් වෙනිදා ගිහිල්ලා ඕකට සම්බන්ධ මුස්ලිම් ජාතිකයෝ තුන් දෙනෙක් ගත්තා. ඒ තුන්දෙනා ගාව තිබිලා මට මතක හැටියට ලක්ෂ අසූවකට වැඩි මුදලක් අපි ඒගොල්ලන්ගෙන් ගත්තා. මෙහෙමයි වෙන්නේ ඒගොල්ලන්ගේ එක එක අකවුන්ට්වලට ලංකාවේ අයගෙන් සල්ලි වැටුණම ඒක නයිජීරියන්කාරයන්ට ගෙනත් දෙනවා. නයිජීරියන්කාරයෝ මේ මුස්ලිම් එක්කෙනෙකුට දෙනවා ඒ මුදල්. එතකොට මුස්ලිම් එක්කෙනා කන්ටැක්ට් වෙනවා ඒ ගොල්ලෝ කියන විදිහට කැනඩාවේ එක්කෙනෙකුට. කැනඩාවේ එක්කෙනා ඊට පස්සේ කියනවා වෙනත් මුස්ලිම් එක්කෙනෙකුට සල්ලි ගිහින් දෙන්න කියලා. ඒ මුස්ලිම් එක්කෙනා හිටියේ රෝයල් සිටි එකේ දහවෙනි තට්ටුවේ කෝටි තුනහමාරක අපාර්ට්මන්ට් එකේ. එතකොට එතනට ඒ සල්ලි ගිහින් දුන්නම එයා එයාගේ මාමණ්ඩිට ඒ සල්ලි දෙනවා ඩිරාම් කරලා ඩුබායිවලට යවන්න. එතකොට මේක ලොකු ජාලයක්. එතකොට මේකේ මහමොළකාරයාට ආපහු තොරතුරු අරන් එන්නේ නයිජීරියාවෙන්. ඊට පස්සේ ඒ කරකවලා ඒ සල්ලි ආපහු ලංකාවටම මේගොල්ලන්ටම කොටසක් ආපහු එවනවා. නයිජීරියන් අයට. ඉතින් ඒගොල්ලන් කියන්නේ ව්‍යාපාර කරනවා කියලා.

එතකොට දැන් ගැහුවා කියන එකට සම්බන්ධ වෙන්නේ? මේක වෙනම කතාවක්නේ ?
“ඔව්”

අපි ඒ කතාව කියමු.
“ඒ කතාව එදා රෑ අපි ඇවිල්ලා සටහන් දදා ඉන්දැද්දි මම උඩ තට්ටුවෙ මගේ බ්‍රාන්ච් එක තියෙන්නේ. සටහන් ලිය ලියා ඉන්දැද්දි මට ඇහුණා පල්ලෙහා සද්දයක් එනවා.”

ඒ කියන්නේ මේ සිද්ධියට අදාළව දැන් පර්යේෂණ කටයුතු සිද්ධ වෙනවා. ඒ සම්බන්ධව නීතිඥවරයා ඇවිල්ලා මුණගැහෙනවා?
“ඔව්. නීතිඥවරයා ආවට පස්සේ මෙයා එන්නේ. එයා නීතිඥවරයෙක් නෙමෙයි.”

නීතිඥවරයෙක් කියලද එයා ආවේ?
රිසර්ව් එකට, උපසේවක නිලධාරියාට නීතිඥයෙක් කියලා තමයි ඇවිත් තියෙන්නේ.

ඒ කියන්නේ පොලිසීය මේක සටහන් කරලා තියෙනවද?
“සටහන් කරලා තියෙනවා”

ඒ කියන්නේ අවශ්‍යතාවයක් තියෙනව නම් ඒක බලන්න පුළුවන් අපිට?
“පුළුවන්, එයා නීතිඥයෙක් කියලා ඇවිත් තියෙන්නේ. එතකොට එයා නීතිඥයෙක් කියලා කෑම දෙකකුත් අරන් තමයි ඇවිත් තිබුණේ.”

සාමාන්‍යයෙන් පොලිසීයට එහෙම නීතිඥවරු සැකකාරයින්ට කෑම අරගෙන එනවද?
“නෑ. කිසිසේත්ම එන්නේ නෑ. ඒගොල්ලෝ එක්ක වෙන හිතවත්කම් තිබ්බොත් මිසක්. නීතිඥයෙක් එනවනම් එතුමා එන්න ඕනේ හොඳ ෂර්ට් එකක් ඇඳලා ටයි එකක් දාලා එහෙම තමයි නීතිඥයන් බොහෝ විට එන්නේ”

සමහරවිට රාත්‍රී කාලයට නීතිඥවරු එනවද?
එහෙම එනවා අවමයි. හදිසි අත්අඩංගුවට ගැනීමක් වගේ දෙයක් තියෙනවා නම් මිසක් එහෙම එන්නෙම නැති තරම්. මොකද මේ වගේ දිනකීපයක් රඳවගෙන ඉන්න අය සම්බන්ධව එහෙම එන්න ඕනම නෑ.
අනික එයා ටී ෂර්ට් එකක් ඇඳලා සාමාන්‍ය සෙරෙප්පු දෙකක් දාලා ඇවිල්ලා හිටියෙ.එයා නීතිඥවරයෙක් කියලා ගියාට, ස්ථාන බාර නිලධාරිට සැකයක් හිතිලා එයා ශේප් එකේ පිටිපස්සෙන් ගියාම දැකලා තියෙනවා අර ගෑනු කට්ටියත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරලා ෆෝන් එක දෙන්න හදනවා. ඒ වෙලාවෙ අපේ නිලධාරියා කියලා තියෙනවා ෆෝන් දෙන්න බෑ කියලා. ඔය වෙලාවෙ එස් අයි මහත්තයා අහලා තියෙනවා ඔය මොකද කියලා. එතකොට කියලා තියෙනවා මම හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගෙ පුතා කියලා.

එතකොට මේ සිදුවීම වෙනකොට පොලීසිය දැන ගෙන හිටියා මේ කවුද කියලා?
ඔව්, එයා එහෙම කිව්වා. ඒත් විශ්වස කරන්න බෑ, මොකද එයා හිටපු විදියත් එක්ක එහෙම වැදගත් මහත්තයෙක්ගෙ පුතෙක් කියලා හිතන්න බෑ.එතකොට තමයි අර හිටපු නිලධාරීයා, කවුරු උනත් කමක් නෑ ඔය ෆෝන් එක මෙහාට දෙන්න කියලා කියලා තියෙන්නෙ.
ඔය කතා බහ විනාඩි කීපයක් තිබ්බා. මම හිටියෙ උඩ තට්ටුවෙ. මම ඇහුවා මොකක්ද ඔය සද්දෙ කියලා. එතකොට මම දැක්කා අර එස්.අයි. මහත්තයව තල්ලු කරනවා. පහළට එන කොට මේ කලබලය යනවා. මම මොකක්ද කියලා ඇහුවම අර එස්.අයි. මහත්තයා කිව්වා සර් මෙයා අර කාන්තා හිරකාරියන්ට ෆෝන් එකක් දෙන්න හැදුවා. මම ෆෝන් එක ඉල්ලුවම මාව තල්ලු කළා කියලා.

සාමාන්‍යයෙන් එහෙම ෆෝන් එකක් දෙන්න පුළුවන්ද?
ෆෝන් එකක් දෙන්න බෑ හිර කූඩුවට.

නීතිඥවරුන්ටවත් බැරිද?
බෑ කාටවත්ම බෑ. කෝල් එකක් දෙන්න අවශ්‍ය නම් අපේ උපසේවා නිලධාරී දැනුවත් කරලා ඒක කරන පිළිවෙළක් තියෙනවා.
මම ගිහිල්ලා ෆෝන් එක ඉල්ලුවා. එයා කිව්වා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගෙ පුතා කියලා. මම කිව්වා කවුරු උනත් කමක් නෑ ෆෝන් එක ගන්න කියලා. එතකොට එතනදි පොර බදන්න සිද්ධ වුණා. එයා මාව තල්ලු කළා. ටිකක් උස මහත හයිය හත්තිය තියෙන අවුරුදු විසි හතරක විතර තරුණයෙක්.
අර රාළහාමිලා එක්ක එයා එක පොකුරට වැටුණා.

දැන් මේ කතාවෙදි කියන්නෙ වටකරගෙන පහරදුන්නා කියලා.
ඒක ඉතිං කියන්න පුළුවන් ඕනෑ කෙනෙක්ට. පහර දීමක් තිබ්බද කියලා වෛද්‍ය වාර්තාවක් සහ මම හිතන්නෙ මහේස්ත්‍රාත්තුමත් ඔතන සීන් විසිට් එකක් කරනවා. එතුමගෙ නිරීක්ෂණ සටහන්වල ඉතාම පැහැදිලිව සටහන් කරලා ඇති මොනවද වුණේ කියලා.
කොහොම හරි ඔය තුවාලෙ වෙන්න ඇත්තෙ එතන තිබ්බ ඇලුමිණියම් වගේ දොරක්. ඒකෙ වැදිලා තුවාල වෙන්න ඇති. මූණකැපිලා වගේ එකක් තිබ්බා. එහෙම නැතිව අපේ පොලීසිවල එහෙම අමානුෂික මිනිස්සු නෑ.
සාමාන්‍ය විදියට රාගම රෝහලට අරගෙන ගිහිල්ලා ඊට අදාළ නීතිමය කටයුතු කළා.

පෑලියගොඩ පොලීසියෙ දෙයක් උනාම අරගෙන යන්නෙ රාගම රෝහලටද, නැත්නම් ජාතික රෝහලටද?
බොහෝ විට අපි ගෙනියන්නෙ රාගම රෝහලට. පින්තූරයක් සමාජ ජාලවල තියෙනවා.
ඔව් ඒකෙ ඇත්ත සිද්ධිය. ඒකෙ පොඩි පැලුම් තුවාලයක් තියෙන්නෙ. ඇත්ත සිද්ධිය අපි ලේ පිහදාලා ගහපු පින්තූරයක් අපි ගාව තියෙනවා. ඔය ලේ ගලාගෙන යන ලේ එතන කැටි කරලා ගහපු එකක්.

පොලිස් සේවයෙ කොච්චර කාලයක්ද?
අවුරුදු 31ක්.

අවුරුදු 31 ක් පොලිස් සේවයෙ ඉන්නකොට මේ විදියෙ සිද්ධි කොච්චර තියෙනවද?
මේ වගේ ඒවා නෑ. එක වතාවක් මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා රාජකාරියට බාධා කිරීමක් තියෙනවා. එහෙම නැතිව නෑ.

එතකොට පොලීසියෙ ඉන්නකොට මොනවද කරලා තියෙන්නෙ. ඔය අවුරුදු 31ට?
මම අවුරුදු 11කට වඩා හිටියෙ උතුරු නැගෙනහිර. ඊට පස්සෙ තමා මම කැලණියට ආවෙ.

උතුරෙදි මෙහෙම දේවල් නැද්ද?
ඒවයෙ එහෙම ඒවා නෑ. ඒ කාලෙ ත්‍රස්තවාදීන්ව අපි දන්නවා. මම දුටුවැව ධෂක්‍ ඉන්න කාලෙ මගෙත් එක්ක හිටපු නිලධාරි හුඟාක් බ්ලාස්ට් වෙලා මැරුණා. මම ලොකු ප්‍රමාණයකගෙ ජීවිතේ බේරගත්තා. 2003 දි මම මෙහෙට ආවෙ. මම සපුගස්කන්දෙ ධෂක්‍ ඉන්න කාලෙ මම පාතාලය කුඩු මර්දනය කළා. මම මට කුඩු සම්බන්ධව අල්ලස් දෙන්න ආපු කෙනෙක්ව ලක්ෂ 5කුත් එක්ක අල්ලා දුන්නා.
මම පෑලියගොඩට ආවට පස්සෙ කුඩු පාතාලය මර්දනය කරමින් යනවා. මට ඔය අංගොඩ ලොක්කා දුරකථනයෙන් තර්ජනය කළා. පාතාලෙ මරණ තර්ජන නිසා මට සයිඩ් වෙපන් එකක් සාමාන්‍ය වෙලාවට පාවිච්චි කරන්න අවසර තියෙනවා. මේ විදියෙ සිදුවීම් ඕනෑ තරම් තියෙනවා. මම ලක්ෂ 150ක් එකපාර අල්ලලා සල්ලිත් එක්ක බාරදුන්නා.
මාකඳුරේ මධුෂ්ගෙ මැණිකක් හංගගෙන හිටපු කැවුමව මම ඇල්ලුවා. ලක්ෂ 60ක් විතර රන් ආභරණ මම බාරදුන්නා. අවි ආයුධ විශාල ප්‍රමාණයක් අරගෙන තියෙනවා.

අන්තිම ප්‍රශ්නය, දැන් මොකද වෙන්නෙ?
මටත් තියෙන ප්‍රශ්නය ඒක. මම අවුරුදු ගානක් රටට පොලිස් දෙපාර්තමේන්තුවට සේවය කරලා තියෙනවා. එහෙව් තියෙන කොට අද නීතිඥවරයෙක් පුතා නිසා හැමෝම එයා වෙනුවෙන් පෙනී හිටිනවා. ඒත් මම වෙනුවෙන් මොකක්ද වෙන සාධාරණය? අපි මේ ජාවාරම්කාරයො ඇල්ලුවෙ හරි අමාරුවෙන්. උන් වංචා කළේ මට නෙමේ, රටේ අහිංසක මිනිසුන්ට. උන්ට දඬුවම් කරන්න ඕනෙ. මම එරෙහි වුණේ ඒ මිනිසුන්ට ෆෝන් එක දෙනවට. එහෙම දීලා උන් ගැලවිලා ගියොත් පාඩුව මට නෙමේ. ඒක රටට. ඒත් අද ඒක කාටවත් මතක නෑ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විමල් නඩුවක් දාගනී

Next Post

පරවියෙක් පුත්තලමේ තිදරු පියකු මරයි

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.