ඉදිරිමහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වන ඔෂල හේරත් නැමැත්තකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණ.
පෙත්සම් කාර සහ වගඋත්තරකාර පාර්ශවවල නීතිඥවරුන්ගෙන් එකඟතාවය මත පෙත්සම් සලකා බැලීම අද (09) සිදු කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කර තිබුණි.
මෙම පෙත්සම ඉකුත් 22 දා සලකා බැලීම සඳහා නියම කර තිබුණද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ ඉල්ලිම මත එදින ද එය අද දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව අද දින මෙම පෙත්සම විභාග කිරීමකින් තොරවම විසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබිණ.










