නව බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස ඊයේ (08) වැඩ බාරගත් තුෂාර උපුල්දෙණිය මහතා මේ වනවිට බන්ධනාගාර සුද්ද කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇත.
ඒ අනුව අද (09) උදෑසන මීගමුව බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී ජංගම දුරකථන හැට එකක් සොයාගැනීමට හැකියාව ලැබී තිබේ.
මේ ආකාරයට ඉදිරි දිනවලදී සියලු බන්ධනාගාර සෝදිසි කිරීමටද ඒ මහතා පියවර ගෙන තිබේ.










