• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නොමිලේ ‘ටෙට්‍රා’ දීලා චීනය හදන්නේ අපේ පොලිසියත් අල්ලන්නද?

April 28, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
නොමිලේ ‘ටෙට්‍රා’ දීලා චීනය හදන්නේ අපේ පොලිසියත් අල්ලන්නද?
Share on WhatsAppShare on Facebook

අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ පණිවිඩ හුවමාරු රාජකාරි ප්‍රවර්ධනය කිරීම උදෙසා චීන රජය අපට ආධාරදීමට ඉදිරිපත්වී තිබේ. ආධාරයේ කොටසක් වශයෙන් “ටෙට්ට්‍රා” TETRA ලෙසින් කෙටියෙන් හැඳින්වෙන“ටෙරස්ටි්‍රයල් ට්‍රන්ක්ඩ් රේඩියෝ” Terrestrial Trunked Radio නමැති ක්‍රමය පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ඍජුවම පොලිස් ස්ථානවලට ඇමතීම සඳහා මෙසේ ආධාර වශයෙන් සැපයෙන බව පැවසේ.
ඒ සඳහා සිරුරේ පලඳින කැමරාවට ආධාරක වශයෙන් “ටැබ්”ද සැපයීමට නියමිතය. කෙසේ වෙතත් මේ ව්‍යාපෘතියේ මූලික ආරම්භය ලෙසින් බස්නාහිර පළාතේ මූලස්ථානය ස්ථාපනය කෙරේ.

දැනගන්නට ලැබෙන අන්දමට චීන ආරක්‍ෂක ඇමැති ජෙනරාල් “වේ ෆෙං” ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව මේ ව්‍යාපෘති ආධාර පිරිනැමීමට නියමිතය.

“ටෙට්ට්‍රා” පණිවිඩ හුවමාරු යාන්ත්‍රණය බස්නාහිර පළාතේ පළමුවෙන්ම ස්ථාපනය කිරීමෙන් පොලිස්පතිවරයාට පළමු කොටම නියෝජ්‍ය පොලිස්පති වරුනටත් එමෙන්ම පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුනටත් ඇමතීමේ අවකාශය ලැබේ.
බස්නාහිර පළාතේ යාන්ත්‍රණය එසේ ක්‍රියාත්මක කෙරෙන බවට තොරතුරු දැනගන්නට ලැබුණද රටේ සෙසු පළාත්වලට එම ව්‍යාපෘතිය විදාරණය කෙරෙන්නේ කවර අන්දමකට දැයි යන්න ගැන නම් තවම පැහැදිලි විස්තරයක් නැතැයි පොලිස් මූලස්ථාන ආරංචිවලින් පැවසේ.

චීනයේ සමස්ත අගනුවරම මේ වන විට ක්‍රියාත්මක වන්නේ “ටෙට්ට්‍රා” පණිවිඩ හුවමාරු ක්‍රමයයි. ලෝකයේ බොහෝ නගරවල ක්‍රියාත්මක කෙරෙන පණිවිඩ හුවමාරු යාන්ත්‍රණ අතරින් විශාලම ජාලය ක්‍රියාත්මක කෙරෙන්නේ චීනයේ “බෙයිජිං” නගරයේය. එසේ ක්‍රියාත්මක අධිකාරි සංඛ්‍යාව එක් ලක්‍ෂ දස දහසකි (1,10,000).

“බෙයිජිං”ආණ්ඩුවේ “ෂෙයාර්ඩ් රේඩියෝ නෙට් වර්ක්” හඳුන්වනු ලබන්නේ “බෙයිජිං ජස්ට් ටොප් ටෙට්ට්‍රා නෙට් වර්ක්”ලෙසිනි. එය ආසියාවේ විශාලතම ඩිජිටල් ට්‍රන්කඩ් ජාලය වන්නා සේම ලෝකයේ නගර අතර පවත්නා ලොකුම“ටෙට්ට්‍රා” ජාලයද වේ.

තත්ත්වය මෙසේ වුවත් මෙරට දේශීය සයිබර් ආරක්‍ෂක වෘත්ත්තිකයන්නම් මේ ගැන සිටින්නේ එතරම් පැහැදීමකින් නොවේ.

මන්ද මේ තාක්‍ෂණික ක්‍රමය ස්ථාපනය කිරීමට පෙර ඉන් කවර අන්දමක හෝ අනර්ථකාරී ප්‍රතිඵලයක් අත්විඳීමට සිදු වේ දැයි යන්න ගැන පූර්ව නිගමනයකට එළඹීමට තරම් ආයතනික සයිබර් ආරක්‍ෂක ශක්‍යතා අධ්‍යයනය කළ හැකි පිළිගත් නියෝජිත ආයතනයක් හෝ ආම්පන්න හෝ තවමත් අපේ රටේ (ශ්‍රී ලංකාවේ) නැති බැවිනි.

චීනා මේ අටවන්න යන්නේ අපේ රටේ ආරක්‍ෂාවට බලපාන කවර අන්දමක “මරාලයක්” දැයි යන්න ගැන තීරණයකට එළැඹීමට නොහැකිව දේශීය සයිබර් ආරක්‍ෂක වෘත්ත්තිකයන් සිටින්නේ “අන්දුං කුන්දුං වූ දෙකට දෙමඤ්ඤං” තත්ත්වයකට පත්වය. මන්ද මේ පද්ධතිය ක්‍රියාත්මක කෙරෙන්නේ මහජන ආරක්‍ෂව පිළිබඳ මර්මස්ථානයක්වන පොලිසිය මූලිකව නිසාවෙනි.

පසුගිය දිනෙක මේ මතයම සන්ඩේ ටයිම්ස් පුවත් පතේද ඉස්මතුකර පෙන්නාදී තිබිණි.

“ටෙට්ට්‍රා” පණිවිඩ හුවමාරු යාන්ත්‍රණය පිළිබඳ කලල බීජය රෝපණය වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම උදෙසා පවත්නා ක්‍රියාදාමය“ඩිජිටල්කරණීය” කළ යුතුය යන සංකල්පය ආණ්ඩුව විසින් පත් කරන ලදැයි කියන කමිටුවකිනි. යෝජිත ව්‍යූහකරණයට කොළඹ රථවාහන හැසිරවීමේ නව්‍ය ක්‍රමයක්ද සීසීටීවී කැමරා පද්ධතිය උත්ථාපනය කිරීමද ඇතුළත්ය.

කමිටු සංයුතිය නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස්දෙනකුගෙන්ද මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් කීපදෙනකුගෙන්ද සමන්විත වූවකි.

“ටෙට්ට්‍රා” පණිවිඩ හුවමාරු යාන්ත්‍රණය අධ්‍යයනය කර දින හතළිස්පහක් (45) ඇතුළත වාර්තාව ඉදිරිපත් කිරීම කමිටුවට පැවරුණු රාජකාරියයි.

මේ මාසය අවසානයේ ලංකාවට පැමිණීමට නියමිත චීන ආරක්‍ෂක ඇමැති “වේ ෆෙං”ගේ දෙදිනක (2) සංචාරක කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන දෙදෙනා හමුවී සාකච්ඡා කෙරෙන බව අපේ විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළ බව “සන්ඩේ ටයිම්ස්” පුවත් පත කියයි.

ගෝඨාගේ ආණ්ඩුව බලයට පත් දෙදහස් දහනමයේ (2019)සිට මෙවර චීන අගමැතිවරයාගේ සංචාරය දක්වා චීන ඉහළ ප්‍රභූ පාංතිකයන්ගේ නිලමට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික පැමිණීමේ වාර ගණන දෙකකි (2).

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

‘ඩුබායි වට්ස්ඇප්’ කුඩු මෙහෙයුමක් STF එකෙන් කඩා දමයි

Next Post

ප්‍රභාකරන් ගැන රහසක් ෆොන්සේකා මුල්වරට හෙළිකරයි (VIDEO)

MORE NEWS

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.