පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විශ්‍රාම වයස 60 සිට 63 දක්වා දීර්ඝ කරන ලෙස ඇතුලු තවත් යෝජනා කිහිපයක් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කමිටු රැස්වීම වෙත ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පියවර ගෙන ඇත.
එම යෝජනා මෙසේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 60 ලෙස අර්ථ දක්වා ඇති පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විශ්‍රාම වයස අවුරුදු 60 සිට 63 දක්වා වැඩි කිරීම.
දැනට කොන්ත්‍රාත් පදනම මත “මහලේකම්වරයාගේ සම්බන්ධීකරණ ලේකම්” තනතුර, වසර 10ක සේවා විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍රය ඇතුළු අනෙකුත් සියලුම පහසුකම් සහිතව ස්ථිර විධායක ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම.
නමුත් මෙම යෝජනා 2 ප්‍රතික්ෂේප කිරීමට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කමිටුව පියවර ගෙන ඇත.
මීට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 63 දක්වා වැඩි කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව අවුරුදු 63ක් වෙනුවට අවුරුදු 61ක් ලෙස සංශෝධනයක් සහිතව පිළිගෙන තිබේ.
ධම්මික දසනායක මහතා 2023 මාර්තු මාසයේදී වයස අවුරුදු 60 දී විශ්‍රාම යාමට නියමිතය.
කමිටුවේ සභාපතිවරයා වූයේ ගරු. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය. කමිටු සාමාජිකයින් වන රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත්, සජිත් ප්‍රේමදාස, රංජිත් සියඹලාපිටිය මහතා රැස්වීමට එක්වී සිටියහ.