• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැගිටීමට බයවෙලා… (VIDEO)

May 15, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
නැගිටීමට බයවෙලා… (VIDEO)
Share on WhatsAppShare on Facebook

අද වන විට මේ රටේ දේශපාලනමය වශයෙන් සිදුවන ක්‍රියාදාමයක් පිළිබඳව අවධානය යොමුකිරීමේදී රට ඉදිරියට ගෙනයාමට ආණ්ඩුව බලාපොරොත්තුවන මාර්ගය කුමන ආකාරයේ එකක් ද යන්න පිළිබඳව හොඳින් වැටහෙන බවත්, ශාපලත් පාලනයක් අවසන් කිරීමට කටයුතු කිරීමත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමට පෙරට ඒමත් නිසා, රාජිත සේනාරත්න මැතිතුමා සිරගත කර දැඩි පළිගැනීමේ ක්‍රියාවලියක් ආණ්ඩුව විසින් ආරම්භ කර තිබීමෙන් පැහැදිලි වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (15) සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් පළකළ හිටපු අමාත්‍යවරයා,

කරුණු දෙකක් මුල් කරගනිමින් ආණ්ඩුව විසින් රාජිත සේනාරත්න මැතිතුමා කිසිදු කෙනෙකුට බැලීමටවත් නොහැකි ලෙස අඳුරු සිර කුටියක රඳවමින් දැඩි මර්ධනකාරී වැඩපිළිවෙළක් දියත්කොට තිබෙනවා. පළමු කරුණ එතුමාගෙන් පළිගැනීමයි. ඒ ඇයි ? 2014 නොවැම්බර් මාසෙ 21 වෙනිදා රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක නව නගර ශාලාවට පැමිණ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඒ පාලනය පෙරලා දැමීම සඳහා යුක්ති සහගත ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුත් එක්ක පෙනී සිටීම.

ඒ වගේම අපේ රජයේ ඇතැම් අය රාජපක්ෂ පාලනයේ පිරිස් එක්ක කරට අත දාගෙන කටයුතු කරමින්, දූෂිතයින් අධිකරණ ක්‍රියාමාර්ගවලින් නිදහස් කරගන්න යටින් ගණුදෙනු කරනකොට ඒවාට විරුද්ධව නිර්භයව පෙනී සිටීම. අන්න ඒ ක්‍රියාදාමයන්ට එතුමාගෙන් පළිගැනීමක් හැටියටයි අපි මෙය දකින්නෙ. 2014 නොවැම්බර් 21 වන දා ශාපලත් පාලනයක් ඉවත් කරන්න ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ එතුමා අද දුක්විඳිනකොට, එතුමා විසින් ජනාධිපති, අගමැති ඇතුළු පදවි වලට ඔසවා තබපු අය අද මේ ආණ්ඩුවේ කොටස්කාරයො බවට පත්වෙලා සිටීම පිළිබඳව අපි ඉතාමත් කණගාටුවට පත්වෙනවා.

දෙවැනි හේතුව තමයි බිය. මොකටද මේ බිය? අද වෙනකොට රටේ වැඩකරන ජනතාව පාරට ඇදවැටිල තියෙනවා. අති විශාල පිරිසකට රැකියා අහිමිවෙලා තියෙනවා. විදේශගතව සිටි අයටත් රැකියා අහිමිවෙලා තියෙනවා. රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කරමින් ඉන්නවා. ඒ වගේම මේ කොවිඩ් උවදුර පිළිබඳව නොයෙක් සංඛ්‍යා ලේඛන හරඹ කරමින් මේ කොවිඩ් උවදුරේ තිබෙන බොහොම නරක තත්ත්වයන් යටපත් කරගන ඉදිරියට යන්න කටයුතු කරමින් සිටිනවා. රාජිත සේනාරත්න මැතිතුමා නිසැකවම මේ කොවිඩ් උවදුර සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු හෙළි කිරීමත්, ඒ වගේම මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිය වෙනුවෙන් ඉදිරියට එන බවත් මේ පාලකයො දන්නවා. ඒ වගේම මේ රටේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය මර්දනයට එරෙහිව එතුමා නැගිටින බව මේ පාලකයො දන්නවා. ඒකයි මේ බිය.

අපේ මන්ත්‍රීවරු ලිපියක් දුන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට කොවිඩ් මරණ සම්බන්ධයෙන් සංඛ්‍යා දත්ත ලබාදෙන්න කියල. දැන් ලිපිය ලබාදීල සතියකට වැඩියි. කිසිම උත්තරයක් නෑ. අපට කියන්න තියෙන්නෙ මේවා කවද හරි හෙළිවෙනවා. මේවා යටපත් කරගෙන ඉන්න බෑ. ඒ නිසා රාජිත සේනාරත්න මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේත් පදවි තානාන්තර දරමින් කළ මෙහෙය, විශේෂයෙන්ම ඩෙංගු මර්ධන ව්‍යාපාරයෙදි කළ මෙහෙය මේ රටේ ජනතාවට මතකයි. ඒ නිසා අපි එතුමා නිදහස් කරගැනීම සඳහා අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නවා වගේම එතුමාම අපට පෙන්නල දීපු ඒ ජන අරගලයේ මාවතටත් අපි පිවිසෙන බව බොහොම වගකීමෙන් යුතුව අපි ප්‍රකාශ කරනවා.

මොකද මේක රාජිත සේනාරත්නට තබපු අතක් නෙවෙයි. මේ රටේ අනාගතයේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉල්ලල එළඹෙන සියලුම දෙනාට එරෙහිව තබපු අතක් හැටියටයි, මර්දනයක් හැටියටයි අපි දකින්නෙ. ඒ නිසා සමස්ථ ජනතාවගේම මේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් අපි නැගී සිටිනවා, ප්‍රජාතන්ත්‍රවාදීව, නීත්‍යානුකූලව කටයුතු කරනවා. අපේ නිදහස් ස්වාධීන අධිකරණය ඒ පිළිබඳව නිවැරදිව ක්‍රියාකරනු ඇතැයි විශ්වාස කරන බව ද හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

SendShareShare
Previous Post

නාමල් ජනතාවගෙන් ඉල්ලන දේ…(VIDEO)

Next Post

පොසොන් සමරන්න හදන්නේ මෙහෙමයි…. (PHOTOS)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.