නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri Lanka Latest News
වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මේ වනවිටත් එම වැටලීම සිදුකරමින් සිටින අතර, අදාළ දුරකථන තොගය සමඟ පුද්ගලයෙකුව ද අත්අඩංගුවට ගෙන ඇත.
අයි-ෆෝන් වර්ගයේ දුරකථන ඇතුළු නවීන ජංගම දුරකථන 300කට අධික ප්රමාණයක් වැටලීමේ දී සොයා ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව පැවසේ.
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයට යටතේ මෙම මෙහෙයුම සිදුකරනු ලබයි.










