ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා කටාර් හී සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍ය සලා බින් ගහනිම් අල් අලී මහතා සමග සාකච්ජාවක් අද (30) පැවැත්වී තිබේ.
සූම් තාක්ෂණය ඔස්සේ මෙම සජීවී සාකච්ඡාව පැවැත්වී ඇත.
ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, අත්දැකීම්, දැනුම හුවමාරු කිරීමට, මානව සබදතා ශක්තිමත් කිරීම යනාදිය සම්බන්ධයෙන් සාකච්ජා වී තිබේ.










