හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
එහි දැක්වුණේ, මෙම අවාසනාවන්ත සිදුවීම් වලින් මියගිය අයගේ පවුල්වලට හා ආදරණීයයන්ට මාගේ බලවත් සංවේගය පළ කරනවා. විශේෂයෙන්ම මියගිය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මැතිතුමන් ගේ පවුලේ අයට හා ආදරණීයන්ට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා. සිදුවීම් වලින් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා යි ද ප්‍රාර්ථනා කරන අතර මේ දක්වා සිදුවු ප්‍රචණඩකාරි සිදුවීම් ගැන කණගාටුවට පත් වනවා. ප්‍රචණ්ඩත්වය නතර කර රට තුළ සාමකාමී පරිසරයක් ඇති කිරීමට සැවොම ක්‍රියාකරමු.
යනුවෙනි.
කෙසේවෙතත් මීට දහස් ගණනක් ජනතා ප්‍රතිචාර ලැබී තිබුණු අතර ඒ් සියල්ලකින්ම නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය විව්චනය කිරීමට පියවර ගෙන තිබිණ.










